තාජුඩීන් ඝාතනයේ සීසීටීවී දර්ශන ඇති බවට රාජිත කිව්වෙ බොරු

Published in පුවත්
Wednesday, 09 December 2015 09:16

ප්‍රසිද්ධ රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් මහතාට කෲර වධ හිංසා පමුණුවා අභිරහස්‌ අන්දමින් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන ඇති බවට කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා කළ ප්‍රකාශය ඔහුගේ හිතළුවක් බව පොලිස් ආරංචි මාර්ග පවසයි

මේවන විට රහස් පොලීසිය ලබාගෙන ඇති සීසීටීවී දර්ශනවල තිබිය හැක්කේ ඔහු ඝාතනය කළ ස්ථානයේ ඒවා නොව මෙම සිදුවීමට පෙර ඔහු ‍රැඳි සිටි ස්ථානයේ හා මහා මාර්ගයේ වාහනයෙන් ගමන් කරමින් සිටියදී කැමරාවට අහුවූ දසුන් පමණක් බවට සැක කෙරේ. එම දර්ශන හෝ තවම පොලීසිය විසින් තවමත් පැහැදිලි කරගෙන නොමැත.

2012 වර්ෂයේදී සිදුවූ තාජුඩීන් මහතාගේ ඝාතනය සහ ඔහු පැහැරගෙන යැමේ සිදුවීම්වලට අදාළ සීසීටීවී වීඩියෝ පට මකා දමා ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත. එම වීඩියෝපට කීපයක්‌ පරීක්‍ෂා කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත භාරදී ඇති බව පොලිස්‌ ආරංචි මාර්ග පවසයි.

මෙම ඝාතනය සිදුවීමෙන් පසු එවකට පොලිසිය කිසිම ආකාරයක නිවැරදි පරීක්‍ෂණයක්‌ සිදු නොකිරීම නිසා මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදුවීමෙන් වසර 3 කට පසු නව රජය බලයට පත්වී 2015 වර්ෂයේ මාර්තු මාසයේදී මෙම පරීක්‍ෂණ කටයුතු නැවත ආරම්භ කරනු ලැබීය.

කොළඹ නගරයේ ප්‍රසිද්ධ ස්‌ථානවල සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන වසර තුනක කාලයක්‌ ගබඩා කර තබාගෙන නොසිටින අතර ඒවා කෙටි කාලසීමාවක්‌ තුළදී මකා දමන බවද පොලිස්‌ මූලස්‌ථානය කියා සිටියි.

පොලිසිය මේ වන විට උත්සාහ කරමින් සිටින්නේ මෙම ඝාතනයට අදාළව රූපගතවී ඇති බවට සැකකරන සීසීටීවී දර්ශන නැවත ලබා ගැනීමටයි.

Last modified on Wednesday, 09 December 2015 09:19

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us