සත්හඬ නියෝජ්‍ය කර්තෘ රහස් පොලිසියට !

Published in පුවත්
Wednesday, 09 December 2015 12:31

ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානි විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති මහතා උපුටා දක්වමින් අමාත්‍යවරුන් පිරිසකගේ කීර්තිනාමයට අපහාස වන ආකාරයේ ලිපියක් පල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා 'සත්හඬ' පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට නියමිත බව රහස් පොලිසියේ නිලධාරියකු පැවසිය.

තමන් ඇතුළු ඇමතිවරුන් තිදෙනෙකුට අපහාස කල බවට ඇමති රාජිත සේනාරත්න මහතා විසින් පොලිස්පතිවරයාට ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබඳව කල විමසීමකදී එම නිලධාරියා එසේ පැවසිය.



ඇමතිවරයාගේ එම පැමිණිල්ල මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද කැඳවීමක් අනුව ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ එහි ගොස් පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී තිබිණ.

සේනාධිපතිගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර වාරයේ ප්‍රබල ඇමතිවරයකු හත් අට වතාවක්ම දුරකථන ඇමැතුම් දෙමින් සේනාධිපතිව අත් අඩංගුවට ගන්නා ලෙස බලපෑම් කළ බවද එම රහස් පොලිස් ප්‍රකාශකයා පැවසීය.


ඇමතිවරුන් තිදෙනා සම්බන්ධයෙන් සත්හඬ පුවත්පතේ පලවී ඇති වාර්තා සත්‍ය බව නිශ්ශංක සේනාධිපති මහතා ඊයේ රහස් පොලිසියට අවධාරණය කර ඇති අතර, ඊට අදාළ සියලු හඬපට හා ලිපිලේඛන තමන් සතුව ඇති බවද පවසා තිබේ.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් කල විමසීමක දී සත්හඬ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (10) පෙ.ව. 10.00ට තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇති බවයි.

කෙසේවුවද රාජපක්ෂ ආණ්ඩු සමයේදී ද, ශ්‍රී ලංකා මිරර් කර්තෘ, එහි කර්තෘ මණ්ඩලය ඇතුළු එක්ස් නිවුස් කර්තෘ මණ්ඩලය රහස් පොලිසිය අත් අඩංගුවට ගැනුනේ ද රාජ්‍ය මහිමය කෙලෙසීම (අපහාස කලේ යැයි) යන චෝදනාව මතය.

දණ්ඩ නීති සංග්‍රහයේ 118 වැනි වගන්තිය වන එය 2002 අංක 12 දරණ සංශෝධන පනතේ දෙවැනි වගන්තිය මගින් ඒවන විට ද අහෝසි කර තිබිණි.

එම අවස්ථාවේ සුභාෂ් ජයවර්ධන එක්ස් නිවුස් සාමාජිකයෙක් වූ අතර ඔහුද එහිදී අත් අඩංගුවට පත් විය. ඔහු ලංකා ඩේලි අප වෙබ් අඩවියේ හිටපු ප්‍රධාන කතුවරයාද වේ. 

(මූලාශ්‍රය ශ්‍රී ලංකා මිරර්)

Last modified on Wednesday, 09 December 2015 12:34

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us