අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස්පාප් වහන්සේගේ මෙරට සංචාරයේදී කතෝලික රදගුරු සභාව විසින් ලබාදුන් පරිත්‍යාග මුදල නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීමට උන්වහන්සේ තීරණය කර තිබේ.

ඩුබායි හි පසුගිය 13 වැනිදා පැවැති සංගීත ප්‍රසංගයකට තමා සහභාගි කර නොගන්නා ලෙසට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එම සංවිධායක මඩුල්ලට බලපෑම් කර තිබූ බව මධු මාධව අරවින්ද මහතා පවසයි.

සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ගෝල්ඩන් කී සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මෛත්‍රී රජය යටතේ රාජපක්ෂ පාලනයට විවේචනය කරමින් නව රජය යටතේ ද ආරක්ෂාවීමට කිඹුල් කඳුළු හෙලන බව නිදහස් තැන්පත්කරුවන්ගේ සංගමය අද(16) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.

මහින්ද රාජපක්ෂ මහතා ඉදිරි මහ මැතිවරණයේදි අගමැති අපේක්ෂකයා ලෙස කිසිදු පක්ෂයකින් හෝ සන්ධනයකින් ඉදිරිපත් වන්නේ නැතැයි එම පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

2015 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලයීය නීතියේ ආධිපත්‍ය සම්මානය ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් ජයසූරිය මහතාට පිරිනැමීමට තීරණය වී ඇත.

පසුගිය රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පවුලේ ව්‍යාපාරයක් වූ බව කියන වයඹ ඩිස්‌ටලරීස්‌ සමාගමේ බලපත්‍රය අහෝසි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පසුගියදා කටයුතු කර තිබුණි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා එම බිරිය ජයන්ති පුෂ්පා කුමාරි මහත්මිය ඊයේ(15) පස්වරු පහට පමණ නවදිල්ලියේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපොළට ලඟාවිය.

ශ්‍රී ලංක විදේශ සේවයට දේශපාලන හිතවත්කම් මත පත් කළ 36 දෙනෙකු නැවත මෙරටට ගෙන්වීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කර තිබේ. ඒ අතර හිටපු ජනාධිපතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ පෙම්වතිය වූ යසාර අබේනායක මෙනවියද හිටපු ඇමැති කෙහෙලිය රම්බුල්වැල්ලගේ දියණියද වාසුදේව නානයක්කාර මහතාගේ ලේලිය ජනත්‍රි ද ඇමැති චන්ද්‍රාණි බණ්ඩාරගේ පුතා දිල්රුක්ෂාන්ද වේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us