ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ප්‍රථම විදෙස් සංචාරය ආරම්භ කරමින් අද(15) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. 17 දෙනෙකුගෙන් යුතු දූත පිරිසක් සමග ඔහු සිය පළමු සංචාරයට සහභාගී වන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර ඇතුළු දේශපාලන අනාථභාවයකට ලක්ව සිටින පිරිසක් විසින් එළැඹෙන 18 දා නුගේගොඩදී පැවැත්වීමට නියමිත ජනරැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්නොවන නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශණ මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉල්ලා අස්වන්නේ නම් ජෙනරල් සරත් ෆොන්සේකා මහතාට එම පාර්ලිමේන්තු අසුන ලබා ගැනීමේ නීතිමය හැකියාවක් පවතින බව මැතිවරණ කොමසාරිස්වරයා පවසයි.

පැවති ජනාධිපතිවරණයෙන් පසුව ශ්‍රී ලංකාව තුළ වෙනස් වූ මානව හිමිකම් වාතාවරණයක් පැවැත්වීම වැදගත් හා විශිෂ්ඨ කරුණක් බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ අැමරිකානු තානාපතිනී සැමැන්තා පවර් පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයා ලෙස හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පත් කර ඇත.

අද දින(14) කොළඹ ශ්‍රාවස්තිය ශාලාවේදී ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන තවත් පක්ෂ කිහිපයක පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් විසින් ඉදිරි දේශපාලනය සම්බන්ධයෙන් පැවැත්වූ සාකච්ඡාවක් කාඩකප්පල් කිරීමට රාජපක්ෂ මන්වාදී මන්ත්‍රීවරු පිරිසක් විසින් කටයුතු කර ඇති බව වාර්තාවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය 10 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාව පළමු වරට කැඳවූ බවට මාධ්‍ය වාර්තා පළ වුවද සැබවින්ම සිදුව ඇත්තේ එදින උදැසන 7 ට පමණ එම දෙපාර්තමේන්තු නිළධාරීන් දුමින්ද සිල්වාගේ නිවසට ගොස් ඔහුව අත් අඩංගුවට ගැනීම බව වාර්තාවේ.

නව රජය ගෙන යන දින සියයේ වැඩ පිළිවෙලට සහයෝගය ලබා දෙන බව ජගත් මහලේකම් බෑන්කි මුන් මහතා පවසයි. වගවීම සහ සංහිදියාව පිළිබඳ මුල්තැනක් ලබාදී කටයුතු කීරීමට සූදානම් බව ජගත් මහ ලේකම්වරයා පෙන්වා දේ.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us