නව ආණ්ඩුවේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්ව සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතාට කොළඹ, කො‍ටුවේ පිහිටි ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ලෙන්ද ඉවත්වීමට සිදුව ඇත.

නව දේශපාලන අධිකාරියේ බලපෑමෙන්  සී එස් එන් රූපවාහිනිය සතුව තිබූ ක්‍රිකට් තරග විකාශන අයිතිය ජාතික රූපවාහිනිය වෙත ලබා ගැනීමට කඩිමුඩියේ කටයුතු කළද, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය විකාශය සම්බන්ධයෙන් ජාතික රූපවාහිනිය මූල්‍ය අර්බුදයකට මුහුණපා ඇතැයි වාර්තා වේ.

දිවයින පුරා නිවාස අවශ්‍යතාවය පවත්නා අඩු ආදායම්ලාභී ජනතාව වෙනුවෙන් නිවාස පහසුකම් සපයාදීම අරමුණු කරගෙන දින සියයේ වැඩසටහනට සමගාමීව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ අදහසකට අනුව දින සියයේ නිවාස 50,000 සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මකවේ. අද(13) දින මෙම වැඩසටහන අාරම්භ වන අතර මේ පිළිබදව මාධ්‍ය දැනුවත් කිරීම නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සෙත්සිරිපාය අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට උපදේශක සභාවක් පත් කිරීමටත් එහි සාමාජිකයන් ලෙස හිටපු ජනාධිපතිවරුන්, අග්‍රාමාත්‍යවරුන් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් එක්කර ගැනීමට අද රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පැරදුනේ විමල් වීරවංශ නිසා බව කඩුවෙල නගරධිපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි. අද දහවල් පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් රටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් ලබන 18 වැනිදා තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය රජයට දැනුම් දී ඇත.

ජාතික ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිනිය ලෙස නීතිඥ ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඊයේ (12)සිය රාජකාරී ආරම්භ කළාය. 51 වසරක් සපුරා ඇති ජාතික ලොතරැයි මණ්ඩලයට කාන්තාවක් සභාපති ධුරයට පත්වූ ප‍්‍රථම අවස්ථාව මෙයය.

පසුගිය රජය සමයේදී කොළඹ දිස්ත්‍රීක්කයේ පුද්ගලයින් 13 දෙනෙකු අතුරුදන් වී ඇති බවත්, හිටපු ඇමති මර්වින් සිල්වා මහතා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමද අදාළ කරගනිමින් කළ ප්‍රකාශය මත පදනම්ව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කි‍ඳෙල්පිටිය මහතා අද (13) රහස් පොලීසියෙන් ඉල්ලීමක් කර ඇත.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us