මෛත්‍රීගෙන් තවත් බොරුවක්! ගත්තු ණය රු. ට්‍රිලියන 10න් 9ක් අතුරුදන්ලු ! Featured

Published in පුවත්
Friday, 26 January 2018 21:22

අද දින (26) ජනමාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවේ පැවැති සාකච්ඡාවේදී පසුගිය වසර 10 තුල ශ්‍රීලංකාව රුපියල් ට්‍රිලියන 10 ( බිලියන 10,000 ක්/ කෝටි ලක්ෂයක්) ක මුදලක් විදේශ ණය ලෙස ලබා ගෙන තිබෙන නමුත් මුදල් අමාත්‍යංශ ලේඛන මඟින් වත්කම් ලෙස පෙන්වීමට හැකියාව ඇත්තේ රුපියල් ට්‍රිලියන 01 වත්කම් පමණක් බවට කළ ප්‍රකාශය පට්ට පල් බොරුවක් බව හෙළිව තිබේ. මෙම ප්‍රකාශයට අනුව රුපියල් බිලියන 9,000 කට වෙච්ච දෙයක් නැත..මුල්‍ය ක්ෂේත්‍රයේ තතු දත් අය මේ තවත් ලෝක විහිළුවක් බව පවසති.

ට්‍රිලියනයක් කියන්නේ බින්දු කීයක ගනනක්ද යන්න ගැන පොඩි සාමාන්‍ය දැනුමක් තිබුණා නම් මෙම ප්‍රකාශය කිරීමට පෙර තමන්ගෙ ගොබ්බ උපදේශකයෙකුගෙන් හෝ විමසීමට හැකියාවක් තිබිණි.නැතිනම් කිලී මහරාගේ සිරසේ ගොබ්බ නිවේදකයෙකුගෙන් හෝ අසා දැන ගැනිමට තිබිණි. එහෙත් කලින් වතාවේ තමන්ව අමාරුවේ දැමු දැමිල්ලෙ හැටියට මෙවර  ජනාධිපතිවරයා මේවා ගැන කාගෙන්වත් විමසීමට කටයුතු කර නැත.

එමෙන්ම මෙහිදී පසුගිය වසර 3 තුලදී රජයේ ආදායම සූක්ෂම ලෙස වෙනත් පෞද්ගලික සමාගම් වලට හැරවීම ගැනද තොරතුරු තිබෙන බවට කළ ප්‍රකාශයද විශ්වාසනීය තොරතුරක් නොවන බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

පසුගියදා ජනාධිපති බැඳුම්කර කොමිසමේ වාර්තාවේ නිර්දේශ බව කියමින් පට්ට පල් බොරු තොගයක් විශේෂ ප්‍රකාශයක් ලෙස ජනාධිපතිවරයා විසින් සමාජ ගත කළේය..

තනිකර දේශපාලන ගේම් එකක් වූ බැඳුම්කර කොමිසමේ නිර්දේශ පවා විකෘති කරමින් රටේ ජනතාව නොමඟ යැව්ව ජනාධිපතිවරයා එම වැ‍රැද්ද වහ ගැනීමට අද දින , එම ප්‍රකාශය වෙනත් අය විසින් ලියා දෙනු ලැබුවක් බව කියා ඇඟ බේරාගැනීමට කටයු‍තු කරද තිබේ.. එහෙත් මෙම හමුවේදිම තමන්ගෙම ප්‍රකාශයක් ලෙස මෙම ට්‍රිලියන් 10 බොරුව ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම මෙහිදී තමන් මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැන තවම තීරණයක් ගෙන නැති බවද පැවැසූවේ රෙද්දක් ඇඳගෙන ද යන්න ජනාධිපතිවරයාගෙන් විමසිය යුතුය. මේ හිරිකිත ප්‍රකාශයකි..ජනාධිපතිවරයා මීට පෙර අවුරුදු 6 නෙවෙයි 4න් යන්නම් කියාද වහසි බස දෙඩු කාලයක්ද තිබූ බව රටේ ජනතාවට අමතක නැත..එහෙත් ඔහුට අමතකව තිබේ.

මේ දිනවල පලාත් පාලන මැතිරවරණයෙන් ශ්‍රිලනිපය තුන හතර තැන් වලට වැටෙනු ඇතැයි බරපතල බියෙන් පසුවන ජනාධිපතිවරයා වියරුවෙන් මෙන් වේදීකා ගානේ නන්දොඩවමින් යන ආකාරයද නිරීක්ෂණය කළ හැකිය.

බැඳුම්කර කොමිසමේ හා අනෙක් ජනාධිපති කොමිසමෙන් හොරු ඇල්ලු බවත් ඔවුන්ට දඬුවම් කරන බවත් මෙහිදී කියයි. ඒ කිසි සේත්ම ඇත්ත කරුණක් නොවේ, ඒ සිදු කළ හැක්කක් නොවේ. ඊට අධිකරණ ක්‍රියා මාර්ග ගත යුතුය.. එසේ නැතුව ජනාධිපතිවරයාට ඕනෑ විදිහට කිසිවකුට දඩුවම් කළ නොහැක. මෙම කොමිසම් වාර්තා පාර්ලිමේන්තුවේ විවාදයට නොගැනීම සම්බන්ධයෙන්ද ඊයේ මහා ඝෝෂාවක් කළේ මෙම විවාදය පැවැත්වූවානම් නැවත නැවත මාධ්‍ය වල මාතෘකාවක් කර ගනිමින් අගමැතිවරයාට හා එජාපයට මඩ ගැසීමේ වුවමනාව නිසාය. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ මේ කුප්පකම දැනගෙනදෝ පාර්ලිමේන්තු පක්ෂ නායකයන් මේ විවාදය පළාත් පාලන මැතිවරණයෙන් පසුවට ගැනීමට තීරණය කර තිබේ.

අද දින පැවැති මාධ්‍ය ආයතන ප්‍රධානින් හමුවේදී අපරාදේ මේක පාර්ලිමේන්තුවේ විවාදයට ගත්තා නම් මං ගොඩ වැනි ප්‍රකාශයක්ද ජනාධිපතිවරයා සිදු කර තිබේ.

කෙසේ නමුත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා සිය ධුරකාලය කෙමෙන් කෙමෙන් කොට වීමේ වේදනාව දරා ගැනීමට නොහැකි වීම නිසා පෙන්වන නොහික්මුණු කම විසින් ඔහුව ජෝකරයකු බවට පත්ව තිබේ.. මේවාට වගකිව යුතු වන්නේ ඔහු වටා සිටින ගොබ්බ ග්‍රාම්‍ය බයි උපදේශකයන් රැලය.

Last modified on Friday, 26 January 2018 21:57

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us