සිරා, ඉතුරු 2 ඔයා කරල පෙන්වන්න... දැන් රටට විහිළු මදි වෙලා තියෙන්නේ Featured

Published in පුවත්
Sunday, 21 January 2018 09:05

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ සුවිශේෂී ප්‍රකාශයක් කළේය. ඒ එජාපයට වසර තුනක් තිස්සෙ ආර්ථිකය හැසිරවීමට භාර දී තිබු බවත් දැන් එයා බාර ගන්නා බවත්ය. මෙය බරපතල ලෙස සිනහා වීමට කාරනයක් වන නුමුත් එක පැත්තකින් අඬන්නටද සිදුවෙන කතාවකි. 

අප මීට පෙරද ලියා ඇති පරිදි විධායක ජනාධිපති පු‍ටුවේ වාඩි වන කොයි කාටත් වැලදෙන උමතුවකි. ඒකාධිපති උමතුව වැලඳුනු කළ එය සුව කිරීම ලෙහෙසි නැත. 

තනතුරේ කාලය නීතිය මඟින් වැඩි කර ගැනීමට බැලුව උත්සාහය වැරදී ගිය කළ .. ජනාධිපතිවරයා නීතිය බල්ලට දමා ඒ වුවමනාව ඉ‍ටුකර ගැනීමට තර්කානුකූල අමුතු කතාවක් පසුගියදා කීවේය. ඒ මේ රටේ හොරු වංචාකාරයන් අවීචි මහනරකාධියට යවා මිසක් තමන් තනතුරෙන් ඉවත්ව නොයන බවය. ඒක මරුය.

ජනාධිපතිවරයාට 2015 ජනවාරි 08 වෙනිදා මේ රටේ ජනතාව පැවරූ රාජකාරිය හොරු ඇල්ලීම නොවේ.. විධායක ජනාධිපතිධුරය සහිත මේ ඒකාධිපති ව්‍යවස්ථාව ඉවත් කරන ලෙසය. මේ ඓතිහාසික කර්තව්‍යය සිදු කර ගෞරවනිය ලෙස ජනධිපති තනතුරෙන් විශ්‍රාම යන ලෙසය. හොරු ඇලීම හා උන්ට දඬුවම් දීමට මේ රටේ පොලිසිය හා අධිකරණය තිබේ..ඊට නිදහසේ වැඩ කර ගැනීමට අවශ්‍ය ස්වාධීනතාවය හා පහසුකම් සලසා දුන්නා නම් ඒ ඇතිය. ඒත් ජනාධිපතිවරයා කළේ අන්න උඹව අත් අඩංගුවට ගන්න හදනවා එකෙන් බෙරෙන්න නම් රට පැනපන් කියා ලොකුම අපරාධකරයාට උපදෙස් දීමය. මහ හොරාවයි උගේ ගැනීවයි කිසිසෙත්ම අත් අඩංගුවට ගැනීමට නොදෙන බවට ප්‍රසිද්ධියේ පොලිසියට තර්ජනය කිරීමය.අපරාධ ගැන කොමිසන් සභා වාර්තා ටික සඟවාගෙන සිටීමය. නීතිපතිවරයාව රූකඩයක් ලෙස නැටවීමය.

තමන් බාර ගත් වැඩේ පැත්තක තබා තමන් වටේ සිටින තමන් වැනිම වූ ග්‍රාම්‍ය ගොබ්බ උපදේශයන් ගේ කීම බහට වැඩ කරනන් ගොස් දැනටම රටේ ලොකුම විහිළුව වී සිටින ජනාධිපතිවරයා රටේ ආර්ථිකය බාර ගන්නවා කිව්වාම එය බරපතල විහිළුවක් වීම වැලක්විය නොහැකිය. රට ආර්ථිකමය වශයෙන් දරුණු ආගාධයක වැටී තිබියදී යනතම් එයින් ගොඩ එන්නට වෙර දමා සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන අනාගතය ගැන ගැන සුබවාදී බලාපොරොත්තු තැබිය හැකි ලෙස රටේ ආර්ථිකය මේ වන විට සකසා ඇති බව පිළිගත යුතුව තිබෙන්නෙකි.

එහෙත් මේ කාලය තුලදීත් ජනාධිපතිවරයා විසින් සිදු කළේ ඒ ගමනට බාධා කිරීමය. අර්ථික සංවර්ධනය ගැන අතිශය වැදගත් පනත් කෙ‍ටුම්පතක් වූ සංවර්ධන පනත අකුලා ගැනීමට වැඩ සිදු කළේ ජනාධිපතිවරයා විසිනි. ඒ වෙනුවට තිරසර සංවර්ධන පනත නමින් වැඩකට නැති පනතක් ගෙනාවේය..ඊට වෙච්ච දෙයයක් නැත. ආණ්ඩුව 2025 ඉලක්ක කරගෙන ආර්ථික වැඩ පිලිවෙලක් ප්‍රකාශයට පත් කරන විට ග්‍රාම ශක්ති නමින් තවත් ගොබ්බ වැඩ පිලිවෙලක් එළියට දැමීය..ගොවි තැනෙන් රටේ ආර්ථිකය හදා ගත්තැහැකි හිටං කියමින් ඒ වෙනුවෙන් රටේ මුදල් ඒ සංදර්ශන වැඩ වලට දැන් නාස්තිකරමින් සිටී.

ක‍ටුස්සාගේ කරේ රත්‍රන් බැන්දාම ක‍ටුස්සාට වෙච්ච දේ ගැන කතාවක් තිබේ. එය දන්නා අයට මේ මෛත්‍රීපාලට වෙලා තියෙන්නෙ මොකක්ද යන්න ගැන හිතා ගත්තැහැකිය.

වර්තමාන තනතුරේ කාලය තවත් වසර 2කි. මේ කාලය තුලදී තවත් හොඳා හොඳ රිළා ජෝක් රට්‍ටුන්ට දැක බලා ගැනීමට හැකි වෙනු ඇත. කූඥ්ඥය ගැලවීමට ගිය රිළවාට වෙච්ච දේ ජනාධිපති තුමාට සිදු නොවේවා කියා යාඤා කරනවා මිස රට්‍ටුන්ට වෙන කරන්න දෙයක් නැත. ආමේන්.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us