ශ්‍රී ලංකාව ඉදිරි අනාගතයට යෑමට පෙර නිවැරදි කර ගත යුතු බොහෝ දේ තිබෙන හෙයින් ඒ සඳහා කාලය ලබාදී ජඅන්තර්ජාතික ප‍්‍රජාවගෙන් හා විශේෂයෙන් ජගත් මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටින බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇමරිකාවේදී පැවසුවේය.

හෙද සේවාවේ වෘත්තීමය අයිතීන් තහවුරු කිරීම සඳහා රජයේ හෙද නිළධාරින්ගේ සංගමය සංවිධානය කළ සම්මේලනයේ දී හෙද සේවාවේ අභිලාෂයන් නව රජයේ ජනාධිපතිවරයා ඇතුළු ප‍්‍රධානින්ගේ අවධානයට ලක් කෙරිණි.

සියලුම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් විශේෂ සාකච්ඡාවක් සඳහා අද(13)ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා තිබේ.

ගතවූ වසර 20 ක කාලය තුළදී පැවැති රජයන් යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන් වීම නිසා සිදුවූ අසාධාරණයන්ට සාධාරණයක් සිදුකිරීම සඳහා ලබන සතියේදී එක්සත් ජාතික පක්ෂය විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.

ඉඩම් අමාත්‍ය එම්.කේ.ඩී.එස්.ගුණවර්ධන මහතාගේ ආරක්ෂාවට කන්තලේ පොලීසියේ නිළධාරීන් 28 දෙනෙකු හා ඇමැති ආරක්ෂක අංශයේ නිළධාරීන් 6 දෙනෙකු යොදවාගෙන ඇතැයි වාර්තාවේ.

ඉකුත් පාලන සමයේ ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ සේවය කළ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ බිරිඳ වන ඉන්ද්‍රානි සුගතදාස මහත්මිය යළිත් වරක් රක්ෂණ මණ්ඩලයේ සභාපති තනතුරට පත් කර තිබේ.

මෙරට යම් අපරාධකරුවකු එල්ලා මැරීමට විනිසුරුවරයකු ලබාදෙන අවසාන තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කර එම විනිසුරු තීන්දුව ක්‍රියාත්මක කිරීමේ බලය සෘජුවම බන්ධනාගාර අධිකාරී වෙත පැවරීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරේ.

ගෝල්ඩන් කී තැන්පත්කරුවන්ට එම මුදල් ආපසු ගෙවිය යුතු යැයි ලලිත් කොතලාවල මහතා අදටත් පැවසුවද තැන්පත්කරුවන්ගේ සංගමයේ නියෝජිතයන් ආපසු ගෙවීමේ එම ක්‍රමවේදයට නිසි සහායක් නොදෙන බවට නීතිඥ දර්ශන කුරුප්පු මහතා කොළඹ මහාධිකරණයේදී ඊයේ (12) පැවසීය.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us