පසුගිය දා නෙත් නාලිකාවේ බැලුම්ගල නම් වැඩසටහන මගින් වැලිකඩ සමූහ මිනිස් ඝාතනය සම්බන්ධයෙන් වාර්ථා වැඩසටහනක් විකාශය වූ අතර ඒ වැඩ සටහන මගින් ඔවුන් කියන්නට උත්සහ කළේ මේ රැදවියන් ඝාතනය පිටුපස සිටින්නේ සිංහල කොට් බවත්,එන්.ජී.ඕ නඩයක් බවත් මේ නිසා මෙය රටට එරෙහි කුමන්න්‍රණයක් වන බවත්ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද ආර් ද සිල්වා මහතාගේ වැඩිමහල් සොහොයුරු හිරු මාධ්‍ය ජාලයේ හිමිකරුවා වන රෙනෝද සිල්වා මහතා එළඹෙන මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වීමේ අපේක්ෂාවෙන් පසුවන බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග පවසයි.

උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මහාචාර්යය රජිව් විජේසිංහ මහතා සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බවට තොරතුරු සැලවේ.

ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති ධූර අපේක්ෂකයා ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන ලෙසට කිසිදු පාර්ශවයක් මෙතෙක් ඉල්ලීමක් කර නැතැයි එම පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉන්දීය සංචාරය සඳහා සහභාගි වන්නේ දාහත් දෙනකුගෙන් යුත් පිරිසක්‌ පමණක්‌ බව ජනාධිපති ලේකම් කාර්යාලයීය ප්‍රකාශකයෙක්‌ කීවේය.

පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ නායකයා වන කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකා පුරවැසියකු නොවන බවත් ඔහු මෙහි රැඳී සිටින්නේ නීතිවිරෝධීව බවත් නියෝජ්‍ය සොලිස්‌ටර ජනරාල්ල් විරා දයාරත්න මහතා ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

පඩි පාලක සභාව යටතේ ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් දස දහස දක්වා වැඩි කිරීමට ජාතික කම්කරු උපදේශක සභාව ඊයේ එකඟ විය.අධිකරණ සහ කම්කරු සේවා අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ජාතික කම්කරු උපදේශක සභාවේ නියෝජිතයන් සමඟ ඊයේ(13) පැවැත් වූ සාකච්ජාවක දී මෙම එකඟතාවට පැමිණ තිබේ.

පසුගියදා නෙත් එෆ් ගුවන් විදුලි නලිකාවේ 'බැලුම්ගල' නැමැති වැඩ සටහනක් මඟින් සිදුකළ වැලිකඩ මිනිස් සංහාරයට අදාල අපහාසාත්මක හා ජනතාව නොමඟ යවන සුළු වැඩසටහනට එරෙහිව අද දින පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල පොලිස්පතිවරයාට භාර දී ඇත්තේ නීතිඥ උදුල් ප්‍රේමර්ත්න මහතා විසිනි.

 

ld add copy

ක්‍රීඩා

Connet With Us