මහින්දට ආණ්ඩුවක් හදන්න ආරාධනා.. මහින්ද දිනුම්. මෛත්‍රී පජාතයි. Featured

Published in පුවත්
Saturday, 27 January 2018 22:41

මහින්ද රජපක්ෂ ඇතුලුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන කණ්ඩායමට ඇතුළු ශ්‍රීලනීප මන්ත්‍රීවරු 96 දෙනාට ජනාධිපති සිරිසේන විසින් අලුත් ආණ්ඩුවක් පිහි‍ටු වීමට ආරාධනා කර තිබේ.

මෙම ආරාධනයත් සමඟ පැහැදිලි වෙන්නේ ජනාධිපති සිරිසේන.. මහින්ද රාජපක්ෂ ඉදිරියේ දනින් වැටී ඇති බවය. රාජපක්ෂවරු දේශපාලනයේ අතුගා දමන්නට පසුගිය වසර 3 මුලුල්ලෙ දන්නා සෙල්ලම් සියල්ල දැමූ නමුත් රාජපක්ෂවරු දමනය කරගැනීමට සිරිසේනට නොහැකි විය. පළාත් පාලන ඡන්දය ඉදිරියේ ශ්‍රීලනීපයට යන එන මං නැති බව මේ වන විට පැහැදිලිව පෙන්නුම් කර තිබීමත් රාජපක්ෂවරුන්ගේ පොහොට්‍ටු සන්ධානය එජාපය හා කරට කර සිටින තත්වයක් පෙනෙන්නට තිබීම මත අවසාන් මොහොතේදී හෝ මෛත්‍රීපාල සිරිසේන නම්බු ඇතිව පරාජය පිලිගැනීමක් ලෙස මෙම ආරාධනය ගැන දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

මෛත්‍රීපාල සිරිසේන ශ්‍රිලනිපයේ නායකයා විදිහට එම පක්ෂය පාවා දෙමින් එජාපය හා ආණ්ඩුවක් පිහි‍ටු වීම ගැන පසුගිය වසර තුන මුලුල්ලෙම රාජපක්ෂ කණ්ඩායම් කෑකෝ ගසමින් සිටි අතර තවමත් කරමින් සිටින චෝදනාව එයම පමණි.

ඒ අනුව සිරිසෙන ජනාධිපතිවරයා සමඟ ආණ්ඩුවක් පිහි‍ටුවා තමන්ගේ ප්‍රශ්න ගොඩින් බෙරා ගැනීමේ හැකියාව දැන් තිබේ. මේ අලුත් ආණ්ඩුවට ඕනැනම් එජාපයේ ජවිපෙ හෝ ටීඑන්ඒ පැත්තේ ඉන්න කීප දෙනෙකුත් එක්කර ගත හැක..එවිට එජාප නායකයා හා පිරිසක් තනි වී හුදකලා වී පජාත වී යන අතර අර රාජපක්ෂ යුගයේදී කළාය කියන සංවර්ධනය අධිවේගයෙන් කරගෙන යාමටද හැකි වෙනු ඇත.

සිරිසේන ආප්පයක් ගිල තමන්ව පාවාදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වී රාජපක්ෂවරු ගෙදර යැවීම ගැන දැන් කම්පා නොවිය යුතුය. අද සිරීසේන ජනාධිපතිවරයා තමන්ව බලයට පත් කළ මිනිසුන්ගේ අපේක්ෂාවන් පරාජයට පත්කර සිදු කරන මේ මහා පාවාදීම අනුව ඒ ආප්ප සීන් එක ගනන් ගත යුතුම නැත.

මේ වෙලාවේ නොගියොත් ඒ නැවත නිවැරදි කර ගත් නොහැකි වරදක් වනු ඇත. අනික රාජපක්ෂලා ශ්‍රීලනිපය දෙකඩ කෙරුවාය කියන අපවාදයෙන් මිදෙන්නට හැකි හොඳම අවස්ථාවත් මෙයය. අවුරුදු 3ක් තිස්සේ රාජපක්ෂලා කළ අරගලය දැන් ජයග්‍රහණය කර තිබෙන බවද මේ ආරාධනය අනුව පැහැදිලිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us