එජාපය, ගැහුවොත් ගහන තීරණයක..ශ්‍රිලනීපය, මෙල්ල වෙයි..

Published in පුවත්
Wednesday, 17 January 2018 13:44

එක්සත් ජාතික පක්ෂය විවේචනය කරන ශ්‍රීලනිප මන්ත්‍රීවරු ඉලක්ක කර දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට එජාපය තීන්දුවක් ගෙන තිබේ. අද පැවැති කෘත්‍යධිකාර මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් තියුණු සාකච්ඡාවක් ඇතිව තිබේ.

ජනාධිපතිවරයා හා සම්මුතික ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රීලනීප ඇමැතිවරුන් දිගින් දිගටම අගමැතිවරයා හා එජාපයේ මැති ඇමැතිවරුන් ඉලක්ක කරගෙන පදනම් විරහිත චෝදනා එල්ල කිරීම නිසා පසුගිය දින කිහිපයේදී එජාපයේ මැති ඇමැතිවරුන් ජනාධිපතිවරයා ඉලක්ක කරමින් දැඩි ප්‍රහාරයක් එල්ල කළේය.

මෙම ප්‍රහාරය දරා ගැනීමට නොහැකි වූ ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තමන් පත්ව තිබෙන අපහසුතාවය ගැන දිර්ග කතාවක් කර ඇති අතර තවත් මෙහෙම ආණ්ඩු කරන්න බැරි බව කියා දැඩි කලකිරීමෙන් යුතුව එම සාකච්ඡාවෙන් නැගිට ගොස් තිබිණි. පසුව අගමැතිවරයා මැදිහත්ව ඔහුව අස්වසා නැවත ‍රැස්වීමට කඳවාගෙන තිබේ. කෙසේ නමුත් මෙහිදී ජනාධිපතිවරයා අසරණ වීම නිසා එජාපය අද තීන්දු කර ඇත්තේ ජනාධිපතිවරයාට ප්‍රහාර එල්ල නොකිරීමටත් එජාපය විවේචනය කරන ශ්‍රිලනීප නායකයන්ට තදින් පහර ගැසීමටත්ය. අද සම්මුතික ආණ්ඩුවට එක් වී සිටින ශ්‍රීලනිප ඇමැතිවරුන් බහුතරය 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට සහය වූවන් වන අතර එදා මෛත්‍රීපාල සිරිසේනව ඉතා නින්දිත ලෙස විවේචනයට ලක් කළ පිරිසය.

කෙසේ නමුත් මෙහිදී ශ්‍රීලනීපය වෙතින් සම්මුතික ආණ්ඩුව පවත්වාගෙන යාමට හානි දායක වන කිසිදු විවේචනයක් ඉදිරිපත් නොකර සිටිය යුතු බවට ශ්‍රිලනිප ජේෂ්ඨයන් වෙත ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇති බවද දැන ගැනිමට තිබේ. යම් ලෙසකින් එජාපය, ශ්‍රීලනිපය හා වන සම්මුතියෙන් ඉවත් තනි ආණ්ඩුවක් පිහි‍ටුවා ගත හොත් ශ්‍රිලනිපයේ විනාශය ක්ෂණයෙන් සිදුවන බවත් එහිදී ජනාධිපතිවරයා තවත් අසරණ තත්වයට පත් විය හැකි බවත් එජාපයේ නායකත්වය විසින් ජනාධිපතිවරයාට පැහැදිලි කර දී ඇත. එම තත්වයක් අපේක්ෂාවෙන් සිටින මහින්ද රාජපක්ෂ කණ්ඩායම ඉතා පහසුවෙන් ශ්‍රිලනිපයේ බලය අල්ලා ගනු ඇති බවත් මෙහිදී පැහැදිලි කර දී ඇත. පසුගිය කාලය පුරා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහු වටා සිටින මුග්ධ උපදේශකයන්ගේ උපදෙස් හෙතුවෙන් ඔහුගේ කීර්තිනාමය විනාශ කර ගැනීමේ අවස්ථා සුලබව තිබිණි.

Last modified on Wednesday, 17 January 2018 13:46

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us