එක්සත් ජාතික පක්ෂය සමඟ රහස් ගිවිසුමක් ඇති බවට දිගින් දිගටම චෝදනා කළහොත් පොදුජන පෙරමුණ තමන්ට දීමට එකඟත්වය පළ කළ දේවල් ද ප‍්‍රසිද්ධියට පත් කරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.

එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අත්සන් තබන ලද ගිවිසුමක ආකාරයක කූඨ ලේඛනයක් සකස් කර ඇති බැවින් ඒ පිළිබඳ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා විසින් පොලිස් මුලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

මන්නාරම පිහිටි ශ්‍රී ලංකාවේ විශාලතම සමූහ මිනිවළෙන් මේ වන විට හමුව ඇති සිරුරු 250ක් හඳුනා ගැනීමට පර්යේෂකයන් උත්සාහ දරමින් සිටිනවා. අදාළ අස්ථි කොටස් ලබන ජනවාරියේ වැඩිදුර පරික්ෂණ සඳහා අමෙරිකා එක්සත් ජනපදයට යැවීමට නියමිතයි.

අභියාචනාධිකරණය විසින් හොර අගමැති සහ හොර ඇමැති මණ්ඩලයට එරෙහිව ලබා දුන් අතුරු තහනමට එරෙහිව මහින්ද රාජපක්ෂ ඇතුලු හොර ඇමැති මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයට එම නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් විභාග කරන ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඊවා වනසුන්දරව ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ලෙස කටයුතු කිරීමට විශ්වාසය උපරිමයෙන් ඇති බව ට යෝජනාව සජිත් ප්‍රේමදස මහතා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය

අද දින පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරය ලෙස බහුතරයේ විශ්වාසය පෙන්වීමට සූදනම් වීම නිසා කළඹල වී ඇති සිරිසේන ජනාධිපතිවරයා අද උදෑසනම, ටී එන් ඒ මන්ත්‍රීවරු සියලු දෙනා සිය නිවසට කැඳවා පොරොන්දු පිට පොරොන්දු දෙමින් ඔවුන්ගේ සහය රනිල්ට නොදෙන ලෙස ඉල්ලා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත අනුව අගමැතිධුරය සඳහා නම් කළ යුතු බවට එජාපය අද (12) දින පාර්ලිමේන්තුව හමුවේ සම්මත කිරීමට බලාපොරොත්තුවන යෝජනාවට ශ්‍රිලනිප මන්ත්‍රී කණ්ඩායමක සහය ලබා දෙන බව ඊයේ රාත්‍රියේදී රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සහතික වී තිබේ.

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අත් හි‍ටුවන ලෙස ඉල්ලා අද දින අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සමට නිතිමය පදනමක් නැති බව හෙළි වේ. මෙය මුලුමනින්ම ඔහු නීති විරෝධී ව්‍යාපාරයන් හී යෙදී සිටින බව හැඟවීමටත් මෙම පෙත්සම විභාග කිරීමට අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළ හොත් අධිකරණය පක්ෂග්‍රාහීව කටයුතු කරන බව ප්‍රචාරය කිරීමේ චේතනාවෙන් සිදු කරන ලද කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බව පැහැදිලිය.

ld add copy

Connet With Us