ජනපතිට පොල් කෙන්දක තරම්වත් බලයක් නැති බව 'ජිෆී' පෙන්වා දෙයි
පරිසර ඇමැතිධුරය හොබවන 'විධායක ජනාධිපති' මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලය තමන්ට පොල් කෙන්දක තරම් නොවන බව 'ජිෆී' පාලනාධිකාරිය පසුගියදා (13) මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන්ට පෙන්වා දී තිබේ. පොලි කොහු සෝදන කැල්සියම් නයිට්රේට් විෂ රසායන අඩංගු අපජලය කෙළින්ම දදුරු ඔයට දමමින් අති විශාල විනාශයක් කරමින් සිටින කොඹෙයිගනේ ජිෆී සමාගම සම්බන්ධයෙන් අප විසින් දිගින් දිගටම එල්ල කළ චෝදනාව හේතුවෙන් නැවත වරක් එම සමාගමේ කටයුතු පරික්ෂා කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින් පියවර ගෙන තිබේ.
දැන්වත් දේශපාලන රැඳවියන් නිදහස් කරන ලෙස ආණ්ඩුවට බලකරන විරෝධතා සත්‍යග්‍රහයක් අද (14) දින කොළඹ කොටුව දුම්රියපොල ඉදරිපිටදී පැවැත්විණි. සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට වාමාංශික දේශපාලන පක්ෂ ක්‍රියාකාරීන්, මානව හිමිකම් සංවිධාන නියෝජිතයන්, දේශපාලන රැඳවියන්ගේ ඥාතීන් ඇතුළු පිරිසක් සහභාගී විය.
මහින්දව අත්අඩංගුවට ගනිතැයි බියෙන් හෙට ලක්ෂ ගනනක් කොළඹට කැඳවයි
පසුගිය ජනාධිපතිවරණයේ දැන්වීම් ප්‍රචාරය කිරීමේදී ස්වාධීන රූපවාහිනී සේවයේ වී ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් විශේෂ ජනාධිපති කොමිසම කරන පරීක්ෂණයක සාක්ෂි විභාගය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට (15) දිනයේ කැඳවා ඇත.
රක්නා ආරක්ෂා ලංකා ආරක්ෂක ආයතනය තවදුරටත් පවත්වාගෙන යනවාද නැතිනම් අහෝසි කර දමනවාද යන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ළඟදීම තීරණය කරන බව ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
දෙමළ දේශපාලන සිරකරුවෝ 223 දෙනෙක් තමාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා ඊයේ උපවාසයක් ආරම්බ කර තිබේ.
පානීය ජලය ඉල්ලා පිරිසක් තිස්ස - මාතර ප්‍රධාන මාර්ගයේ පල්ලේමලල හන්දියේදී ආරම්භ කළ විරෝධතාවයක් පොලීසිය හා කැරලි මර්දන ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විසුරුවා හැර තිබේ.
එහිදී පොලීසිය වාහන ගමනා ගමනයට ඉඩදී මාර්ගයෙන් ඉවත්ව විරෝධතාවයේ නිරතවන ලෙස විරෝධතාකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇත.
සල්ලි වලට ෆෝටො ගහන්නේ අපි නෙවෙයි - ආරක්ෂක අමාත්‍යංශය
අද දින(12) අප වෙබ් අඩවියේ ගොසිප් තීරුවේ පළ වූ 'ආරක්ෂක ඇමැති එක්ක පොටෝ කෑල්ලක් ගහන්න රු. 25,000යි' වාර්තාව සම්බන්ධයෙන් 'ලංකා ඩේලි' සංස්කාරකවරයා ඇමැතූ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් හෙරල්ඩ් සේනාධීර මහතා පවසා සිටියේ, අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය, ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා හමුවීමට පැමිණෙන වීවිධ පුද්ගලයන් සමඟ ඡායාරූප ගැනීම සිදුකරන මුත් මුදල් අය නොකරන බවය. එම නිසා අපගේ වාර්තාව සාවද්‍ය බවත් ඔහු පවසා සිටියේය.
රනිල් එක්ක ජපන් යන්න හැදුව 'මගේ හිතෙත් බුවා' තව පොඩ්ඩෙන් ජබක්
පසුගියදා සිදු කරනු ලැබූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජපන් සංචාරය සඳහා තමාවද එක්කර ගන්න ලෙස තුන්හුලස් මාධ්‍ය වසලයාගේ ගෝලයකු වන මන්ත්‍රී 'මගේ හිතෙත් බුවා' මහතා සැහෙන වෙහෙසක් දරා ඇති බව දැන ගැනීමට තිබේ.