රථ වාහන තදබදය ඉවත් කිරීමට ගුවන් පාලම් ඉදිකිරිම සදහා මෙවර අයවැයෙන් විශේෂ අවධානය !

Published in පුවත්
Wednesday, 05 May 2021 14:24

කොළඹ හා ඒ ආශ්‍රිත නගරවලත් දිවයිනේ අනෙකුත් ප්‍රධාන නගරවලත් පවතින අධික රථවාහන තදබදය ඉවත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි මෙවර අයවැයෙන් විශේෂ අවධානය යොමු කල බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සදහන් කර තිබෙනවා. ඒ අනුව අධික ලෙස රථවාහන තදබදය හදුනාගත් ප්‍රදේශවල දේශීය අරමුදල් යටතේ ගුවන්පාලම් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට සැලසුම් සකස් කොට ඇත.

කොම්පඤ්ඤවීදිය දුම්රිය මාර්ගය හරහා විනිසුරු අක්බාර් මාවතේ ගුවන් පාලමක් ද උත්තරානන්ද මාවතේ ගුවන් පාලමක් ද එම ගුවන් පාලම් දෙක සම්බන්ධ කිරීම සඳහා තවත් ගුවන් පාලමක් ද ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. එමෙන්ම බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනියා මාවත සම්බන්ධ කරමින් ගුවන්පාලමක් ද ඉදිකිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිගින් මීටර 207ක් සහ පළලින් මීටර 8.4කින් යුක්තය. උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලම දිගින් මීටර 396කි. එහි පළල මීටර 10.4කි. මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310කි. එහි පළල මීටර 6.9කි. මේ සඳහා රුපියල් මිලියන 5270ක් වැයවේ. මාස 12ක කාලයක් ඇතුළත මෙම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිතය.

බේරේ වැව සහ කොම්පඤ්ඤවීදිය හරහා බාලදක්ෂ මාවත සහ චිත්තම්පලම් ඒ ගාර්ඩිනියා මාවත සම්බන්ධ කරමින් ඉදිකරන ගුවන්පාලම මාස 12ක කාලයක් ඇතුළත රුපියල් මිලියන 2730 ක විදයමින් දිගින් මීටර 360ක් සහ පළල මීටර 11කින් යුක්තව ඉදිකෙරේ.

මෙම ගුවන් පාලම් ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් ප්‍රදානය කිරීම විෂය භාර අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ විසින් ප්‍රධානය කෙරිණි..

-පංචාලි අබේසේකර

jon

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us