තවත් නගර රැසක් නවීන නගර ලෙස සංවර්ධනට සැලසුම් !

Published in පුවත්
Thursday, 06 May 2021 10:58

කුරුණෑගල, මත්තල, ලුණුගම්වෙහෙර සහ බෙලිඅත්ත නගර අංග සම්පූර්ණ නවීන නගර ලෙස සංවර්ධනය කිරීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (05) පැවැත්විණි.

මෙම නගර නවීන නගර ලෙස සංවර්ධනය කිරීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමු කළ අග්‍රාමාත්‍යවරයා , විෂය භාර අමාත්‍යවරයා වශයෙන් අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව අමාත්‍යංශ නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත.

නවීන වෙළඳ පරිශ්‍රයක්, සියලු පහසුකම් සහිත තොග වෙළෙඳපොළක් සහ සති පොළක්, රථවාහන අංගනයක්, නගර උද්‍යානයක්, නව බස් නැවතුම්පොළක්, බහුකාර්ය ගොඩනැගිල්ලක් මෙන්ම මධ්‍යම පාන්තික නිවාස පරිශ්‍රයකින් සමන්විතව බෙලිඅත්ත නගරය සංවර්ධනය කෙරෙන ආකාරය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ නිලධාරීන් විසින් එහිදී පැහැදිලි කරන ලදි.

ද්විත්ව මංතීරු සහිත මාර්ග පද්ධතිය, පිටත සහ ඇතුළත වටරවුම් මාර්ගය මෙන් ම මංතීරු හතරකින් යුතුව මාර්ග පද්ධතිය ඉදිකිරීම පිළිබඳව ද මෙහිදි අවධානය යොමු කෙරිණි.

මත්තල ගුවන්තොටුපළ කේන්ද්‍ර කර ගනිමින් වෙළෙඳ, කර්මාන්ත, නේවාසික පහසුකම්, සංචාරක, සෞඛ්‍ය පහසුකම් මෙන් ම කෘෂි ප්‍රවර්ධන කලාප ඇති කිරීම සහ මත්තල-ලුණුගම්වෙහෙර ආශ්‍රිත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මෙහි දී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

කුරුණෑගල නගරය නවීන නගරයක් ලෙස නිර්මාණය කිරීමත් ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳවත් මෙහි දී අගමැතිවරයා විමසා බලා ඇත.. ඒ අනුව සංවර්ධන ව්‍යාපෘති රැසක් කුරුණෑගල නගරය කේන්ද්‍ර කර ගනිමින් ඉදිරියේ දී ක්‍රියාත්මක වනු ඇත.

-පංචාලි අබේසේකර

m1k

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us