බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලුම ශ්‍රේණි ලබන 29 වන දා සිට යළි ආරම්භ කිරීමට තීරණය කර තිබේනවා.

වාහනවල අංක තහඩුවේ පළාත හැඳින්වෙන ඉංග්‍රීසි අක්ෂරය ඉවත් කිරීමට අදාළ කැබිනට් අනුමැතිය මේ වනවිට හිමිව ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් සුමිත් අලහකෝන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු කියා සිටියේ තවත් මාස දෙකක් ඇතුළත මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිය හැකි බවයි.

රූපවාහිනී වැඩසටහන්වලදී ජාතීන් අතර අසමගිතාවක් ඇති කරන ප්‍රකාශ සිදු කර ඇතැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන්ට එරෙහිව විශේෂ විමර්ශනයක් පවත්වන බව පොලිසිය අධිකරණය ප්‍රකාශ කර තිබෙනවා.

ඉදිරි සතියක කාලයක් ඇතුළත ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත චීනයේ නිෂ්පාදිත සිනොෆාම් (Sinopharm) කොවිඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ 06ක තොගයක් බීජිංහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට භාරදෙන බව කොළඹ චීන තානාපති කාර්යාලය ‘අරුණ’ට තහවුරු කළේය.

අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ අධ්‍යයනයට පත් කළ අමාත්‍ය මණ්ඩල අනු කමිටුව අද යළි රැස්වෙන බව වාර්තා වෙනවා.

කෘෂිකාර්මික කටයුතු සඳහා රජය විසින් ලබා දුන් 4%ක සහන පොලී අනුපාතයට ණය ලබාදීම නතර කිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සදහන් කර තිබේ.

පාරිභෝගික අධිකාරියේ පනත වෙනස් කරන ලෙස තමා කැබිනට් මණ්ඩලයට යෝජනා කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර තිබේ.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පවත් වූ අතර එය මිට සුළු වෙලාවකට පෙර සම්මත විය.

ld add copy

Latest News

තිරිගු පිටි මිල ඉහළට

තිරිගු පිටි මිල ඉහළට

ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ්...

Connet With Us