පසුගියදා නිතිපති දප්පුල ද ලිවෙරා විසින් තහනම් කළ යුතු බවට අනුමත කළ අන්තවාදී සංවිධාන 11 සහ එම සංවිධානවලට අයත් පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සැලසුම්කර ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කුළු බඩු සංස්ථාව මගින් ගම්මිරිස් මිලට ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව සුළු අපනයන භෝග ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය සදහන් කර තිබෙනවා.

බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාගෙන් හිස් වූ පාර්ලිමේන්තු අසුන සඳහා අජිත් මාන්නාප්පෙරුම මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දී තිබේ.

අද (09) උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ අජිත් මාන්නාප්පෙරුම දිවුරුම් දී ඇත.

-පංචාලි අබේසේකර

විදේශ රටවල සිට මෙරටට එව් පාර්සල් පහක තිබී රුපියල් මිලියන හතක වටිනාකමකින් යුතු කුෂ් නමැති ගංජා සහ මෙතෆෙටමින් (මත්ද්‍රව්‍ය විශේෂයක්) අඩංගු පෙති තොගයක් රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් ඊයේ (08 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කාදිනල් හිමි මීට වඩා සැලකිලිමත්ව හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ප්‍රකාශය කළ යුතුව තිබූ බවත් ඉන් හානිය සිදු වූයේ කතෝලික ජනතාවට බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර තිබෙනවා.

රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ එකළොහක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (08 වැනිදා) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ඊයේ (08) රැස් විය.

මත් පෙති 3000ක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට ඇති ඖෂධ අලෙවිසැලක තිබී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගෙන තිබෙනවා.

ld add copy

Latest News

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

විදුලි සේවක වර්ජනය අඛණ්ඩව

සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලැබෙන තෙක් සිය වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව විදුලි සේවක වෘත්තී...

Connet With Us