තරණ තරුණියන්ට ෆයිසර් දෙන්න එපා ! GMOA ඉල්ලීමට යහපත් ප්‍රතිචාර !

Published in පුවත්
Thursday, 09 September 2021 10:59

වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද මහතා පවසන්නේ එම වයස් කාණ්ඩය සඳහා සයිනොෆාම් එන්නත ලබාදීම සුදුසු බවට මේ වන විට නිර්දේශ කර ඇති බවය.

එබැවින් මෙරට සතු කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් තොගය පාසල් ළමුන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශ කළේය.

"වයස අවුරුදු 20ත් 29ත් අතර පිරිසට නිර්දේශිත එන්නත තමයි සයිනොෆාම් එන්නත. එම එන්නතේ අවශ්‍ය තරම් තොග ලැබෙන නිසා ෆයිසර් එන්නත ඒ කණ්ඩායමට වෙන් නොකර පාසල් දරුවන් සඳහා වෙන්කරලා. ඒ කාණ්ඩයට අවශ්‍යතාවයක් තිබෙනවානම් ෆයිසර් එන්නත වෙනුවට සයිනොෆාම් එන්නත ලබාදෙන්න කියන එක තමයි අපි ඉදිරිපත් කළේ. ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් සෞඛ්‍ය අමාත්‍යවරයා දැක්වූවා. සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට කියලා. ඒ වාගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ පිළිබඳව අදාළ නිර්දේශ ගැනීමට කටයුතු කරමින් යන බව කියා සිටියා.“

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us