සහල් සැගවූ වෙළෙඳුන් සොයා දිවයින පුරා අඛණ්ඩව වැටලීම් !

Published in පුවත්
Thursday, 09 September 2021 11:11

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි . එහි සභාපති ශාන්ත දිසානායක මහතා පැවසුවේ, ඒ සඳහා දිවයින පුරා පාරිභෝගික සේවා නිලධාරීන් යොදවා ඇති බවය.

සභාපතිවරයා පැවසුවේ, කොරෝනා වසංගතය හමුවේ වෙළෙඳුන්, සහල් තොග වෙළෙඳපොළට නිකුත් නොකිරීමටත් , පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමටත් කටයුතු කරන බවයි.

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් සභාපතිවරයා කියා සිටියේය.

මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා, පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ වී මෝල් ඊයේ(08) පරීක්ෂා කළේ ය.

ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් ව්‍යාපාරිකයින් සතුව තිබී රජය භාරයට ගත් සියලුම සහල් තොග සෘජුවම සතොස අලෙවිසැල් වෙත යොමුකර තිබේ.

වෙළෙඳපොළ තුළ පවතින සහල් හිඟයට අවශ්‍ය සහල් ප්‍රමාණය පමණක් එහිදී රජය භාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය පැවසීය. අරලිය, හිරු, නිව් රත්න, ලත් සහල්, සූරිය, නිපුන සහ ජයවික්‍රම යන සහල් මෝල් සතුව තිබූ සහල් කිලෝ ලක්ෂ 8ක පමණ ප්‍රමාණයක් රජය භාරයට ගෙන තිබේ.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් සෙනරත් නිවුල්හැල්ල මහතාගේ සහ පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ එම සහල් තොග පවරාගැනීම සිදුකළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කළේය.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතුව තිබූ වෙළෙඳපොළට නිකුත් නොකළ සහල් තොග එලෙස රජය භාරයට ගෙන වැඩි සහල් ඉල්ලුමක් පවතින සතොස අලෙවසැල් වෙත යොමුකිරීමට කටයුතු කර තිබේ.

සිය භාරයට ගත් සහල් තොග කඩිනමින් පාරිභෝගිකයින් වෙත ලබාදීම රජයේ අරමුණ බව වාර්තා වේ.

නිව් රත්න සහල් මෝල සතුව තිබූ තොග පවරාගැනීමේදී එහි හිමිකාරිත්වය විසින් සැලසුම්සහගතව විරෝධතා මතු කිරීමට කටයුතු කර ඇති අතර එහිදී නිලධාරින්ගේ රාජකාරියට ද බාධා එල්ල වූ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කළේය.

රජය විසින් සහල් සඳහා පාලන මිලක් නියමකිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් පරිදි නිෂ්පාදන ධාරිතාව පවත්වාගෙන යාම සඳහා හිඟයකින් තොරව සහල් වෙළෙඳපොළට නිකුත්කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ සහල් මෝල් හිමියන් සමග සාකච්ඡා කර තිබූණි.

එහෙත් එකඟ වූ පරිදි ඔවුන් කටයුතු නොකිරීම හේතුවෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සහල් තොග රජයට පවරාගෙන බෙදාහැරීමට කටයුතු කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය සඳහන් කළේය.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us