පාසැල් ළමුන්ට හැකි ඉක්මණින් එන්නත් දෙන බව කෙහෙළිය කියයි !

Published in පුවත්
Thursday, 09 September 2021 19:25

වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන් සඳහා කඩිනමින් කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කළේ සූම් තාක්ෂණය ඔස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද (09) පැවැති සාකච්ඡාවකදීය.

ඔහු පෙන්වා දෙන්නේ පාසල් හැකි ඉක්මනින් ආරම්භ කිරීම සඳහා ළමුන් සඳහා එන්නත්කරණය ආරම්භ කළ යුතු බවය.

ළමුන් සඳහා එන්නත් ලබාදීම ආරම්භ කිරීමත් සමග 7වන ශ්‍රේණියේ සිට 13වන ශ්‍රේණිය දක්වා දරුවන්ට එන්නත්කරණය සිදු කළ හැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ යටතේ දරුවන් ලක්ෂ 20ක් පමණ එන්නත් කිරීමට හැකිවනු ඇතැයි ද සෞඛ්‍ය ඇමතිවරයා පවසයි.

- පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us