කාදිනල් හිමිගෙ සැර ප්‍රකාශයට කමල් ගුණරත්නගෙන් පිළිතුරු !

Published in පුවත්
Thursday, 09 September 2021 19:50

පාස්කු ප්‍රහාරය විමර්ශනයට ක්‍රියා මාර්ග ගෙන ඇති බවට ජාත්‍යන්තරය රැවටීම සඳහා අගමැතිවරයා සහ විදේශ ඇමැතිවරයා ඇතුළු පිරිසක් වතිකානුවට යාමට ගෙන ඇති තීරණය කතෝලික සභාව හෙළා දකින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ඊයේ (08 වැනිදා) පැවැසූහ.

රජය මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කරුණු දක්වනවා නම් තමන්ට ද ජාත්‍යන්තරය හමුවට මෙම ගැටලුව ගෙන යාමට සිදුවන බව කාදිනල් හිමියෝ කීහ.

පිට කොන්දක් ඇති මිනිසුන් කළ යුත්තේ ජාත්‍යන්තරයේ උදව් ලබා ගෙන සැඟව සිටීම නොවන බවත් මෙම ළද බොළඳ සහ බාල්දු ක්‍රියාව සිදු නොකරන ලෙස අගමැතිවරයාට සහ විදේශ ඇමැතිවරයාට සිහිපත් කරන බවත් කාදිනල් හිමියෝ පැවැසූහ. මෙම ක්‍රියාවේ ප්‍රතිඵල ආණ්ඩුවේ හිස මතටම යළි එල්ල වීමට ඉඩ ඇතැයි ද ඊයේ (8වැනිදා)කොළඹ අගරදගුරු නිල නිවසේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ කීහ.
“පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියා මාර්ග පිළිබඳ කරුණු දක්වන්න අගමැතිවරයා වතිකානුවට යන බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ රජය සත්‍ය යට ගහන්නට තවත් එක තුරුම්පුවකට තමයි මේ ලෑස්ති වෙන්නේ. අගමැතිතුමාත් විදේශ ඇමැතිවරයාත් දැන් ඒකට සහභාගී වෙනවා.

රජය ජාත්‍යන්තරයට යනවා නම් අපටත් වෙන විකල්පයක් නැහැ. අපිත් ජාත්‍යන්තරයට යනවා. ගිහින් අපේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. මේ අය ජාත්‍යන්තරයට යන්න තීරණය කරන නිසා අනිවාර්යයෙන්ම අපේ තත්ත්වය කුමක්ද කියා අපි ජාත්‍යන්තරයට දැනුම් දෙනවා. මේ රජය පරීක්ෂණ යට ගහන්න උත්සාහ කරනවා විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියා කරන බවක් නොපෙනෙන බව අප ජාත්‍යන්තරයට දැනුම් දෙනවා. විදේශීය ජනතාවත් නොමග යවමින් බොරු කියමින් ආණ්ඩුව කරන මේ බොලඳ ක්‍රියාව අප හෙළා දකිනවා.

ජාත්‍යන්තරයට යාම පිළිබඳව මාධ්‍යවල පළවූ පසුව ජනතාව අපට කතා කළා. ඔබ වහන්සේලා මේකට සහාය දෙනවද කියා ඇහුවා. ආණ්ඩුවේ අය වතිකානයට යන වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ ඔබ වහන්සේලා මගින්ද කියාත් අපේ ජනතාව විමසනවා යැයි කාදිනල් හිමියෝ මෙහිදී වැඩිදුරටත් කියා සිටියහ.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ අද (09) මාධ්‍ය හමුවක් පවත්වමින් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා කාදිනල්තුමන් ඊයේ සිදුකළ ප්‍රකාශවලට පිළිතුරු ලබාදීම සිදු කර ඇත.

ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධවූවන් පිළිබද පරීක්ෂණ හා නීතිමය කටයුතු කිසිදු අඩුවකින් තොරව ක්‍රියාත්මක වන බවයි.

කරුණු හරිහැටි නොදැන මේ පිළිබද අදහස් ප්‍රකාශ කිරීම යෝග්‍ය වන්නේ නැති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ. පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතා ද එහිදී අදහස් පලකළ බවයි වාර්තා වෙන්නේ.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය කුමන්ත්‍රණයක් බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවනු ඇති බව ද ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා අවධාරණය කර ඇත.

"ජනාධිපතිතුමා බලයට එන්න කරපු කුමන්ත්‍රණයක් කියලා පිරිසක් මහජන මතයක් ගොඩනගන්න හදනවා. පොලීසිය, ආරක්ෂක අංශ සෑහෙන්න දුරට මේ ගැන පරීක්ෂණ පවත්වලා තියෙනවා. උසාවියේ දැනට නඩු දාලත් තියෙනවා. ඒ නිසා මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ බොරු මතවලට රැවටෙන්න එපා. කාදිනල්තුමා ප්‍රකාශ කරන්නේ උන්වහන්සේගේ මතය. ඒ කතෝලික බිෂෝප්තුමන්ලාගේ එකතුවට අපේ විමර්ශන නිලධාරීන් ගිහින් පැය 4ක් විතර කරුණු පැහැදිලි කිරීමක් කළා. අවාසනාවකට එදා කාදිනල්තුමා හිටියේ නෑ." යනුවෙන් ද ඔහු පවසා ඇත.

 

-පංචාලි අබේසේකර

Last modified on Thursday, 09 September 2021 20:50

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us