සීනි සැගවූ ගබඩා වැටලීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි !

Published in පුවත්
Wednesday, 08 September 2021 19:13

පෑලියගොඩ නුගේ පාරේ පිහිටි සීනි තොග ගබඩාවක් වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් එහි තිබූ සීන මෙට්‍රික් ටොන් එක්දහස් තුන්සියයක් සිය භාරයට ගත්තා.

මෙම ගබඩාව රජයේ ලියාපදිංචි කර තිබුණද අයථා ලෙස තොග රැස්කර තැබීම හේතුවෙනුයි වැටලීම සිදු කළේ. අදාළ සීනි තොග බෙදා හරින තෙක් ගබඩාවට මුද්‍රා තැබුවා. වත්තල මාබෝල ප්‍රදේශයේ සීනි ගබඩාවක්ද වැටලූ නිලධාරීන් සීනි මෙට්‍රික් ටොන් නවසිය තිස්හයක් සිය භාරයට ගත්තා. මෙම ගබඩාවෙහි තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇති බැවින් එය මුද්‍රා නොතබා නීතිමය පියවර ගත්තා.

වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේ මුද්‍රා තබා තිබූ සීනි ගබඩාවකින් සීනි තොග පිට කිරීමට ගත් උත්සාහයක් ව්‍යර්ථ කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකායට සහ පාරිභෝගික සේවා අධිකාරියට හැකි වුණා. පසුගිය 3 වනදා මෙම ගබඩාව වටලා සිනි මෙට්‍රික් ටොන් හාරදහස් එකසියයක් සිය භාරයට ගෙන ගබඩාව මුද්‍රා තැබීමටයි කටයුතු කෙරුණේ. මෙම ගබඩාවේ මුද්‍රා ඉවත් කර ඉන් සීනි මෙට්‍රික් ටොන් තුන්සිය විස්සක සිනි තොගය ලොරි රථයකට පටවමින් සිටියදී ලැබුණු තොරතුරකට අනුවයි වැටලීම සිදු කෙරුණේ. ගබඩාවේ භාරකරුවන් දෙදෙනෙකු සහ ලොරි රථයේ රියදුරා වැඩිදුර විමර්ශන සදහා කඩවත පොලීසියට භාර දෙනු ලැබුවා.

මේ අතර ත්‍රිකුණාමලයේ කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අනවසර වී ගබඩා තුනක් වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් එම ගබඩා මුද්‍රා තැබුවා. කන්තලේ පොලිසියේ නිලධාරීන්ද මේ සදහා දායක වුණා. මෙහිදී වී කිලෝග්‍රෑම් පනස් දහසකට වැඩි ප්‍රමාණයක් සිය භාරයට ගැනීමට නිලධාරීන්ට හැකි වුණා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us