දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ ප්‍රමාණය ඉහළයාම හේතුවෙන් රෝහල් ධාරිතාවය ඉක්මවා යාම පාලනය කිරීම සදහා ජනාධිපතිගේ සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ උපදෙස් පරිදි රෝගීන් රෝහල් ගත කිරීම ප්‍රමුඛතාවයන් අනුව සිදු කිරීමට පියවර ගෙන ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන සියලූම ඔක්සිජන් තොග කොවිඞ් රෝගීන් වෙත ලබාදිය යුතු තත්ත්වයක් මේ වනවිට ඇතිවී තිබෙන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05) සවස අනාවරණය කළේය.

සතියකට මුර දෙකක් යටතේ රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට එකඟතාවය පළවී ඇතැයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

විද්‍යාත්මක කරුණු මත පදනම්ව යම් යම් තීන්දු තීරණවලට එළැඹිය ද කාබනික පොහොර භාවිතය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැති බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා පෙන්වා දෙයි.

කොවිඩ් තෙවන රැල්ල මේ වන විට රට පුරා පැතිර යමින් පවතී. වරාය තුලද එම තත්වය බරපතල ලෙස වර්ධනය වී ඇත. එසේ තිබියදී රාජ්‍ය සේවය සාමාන්‍යකරණය කිරීමට රජය ගනු ලැබූ තීරණයට අනුව සියලූ වරාය සේවකයන්ද 2021.08.02 සිට සේවයට කැඳවා ඇත. එම තීරණය අනුව, වරාය තුළ කොවිඩ් පොකුරක් නිර්මාණය වීමේ ඉඩකඩක් නිර්මාණය වෙමින් පවතින බවත් එම තත්වය වහා වැලැක්වීමට මැදිහත් වන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය වරාය හා නාවික කටයුතු පිලිබඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.

කොරෝනා ආසාදිතයන් වැඩිවීම එක්තරා සීමාවක් පසුකර යමින් රෝගීන් වැඩිවීමේ ශීඝ‍්‍රතාවයේ ඉහළ යෑමක් සිදු වුවහොත් සෞඛ්‍ය අංශවලට ඒ දෙස බලා සිටීම හැර කළ හැකි අන් යමක් නොමැති වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනතුරු ඇගවීය.

අද පෙරවරු 07 සිට දහවල් 12 දක්වා දිවයින පුරා රෝහල් 600ක පමණ සේවයෙන් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වැඩි වශයෙන් ව්‍යාප්තවීමත් සමග මෙරට රෝගීන් වැඩි සංඛ්‍යාවක් හමුවන බවත් ඔක්සිජන් අවශ්‍ය රෝගීන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස ඉහළ ගොස් ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ld add copy

Connet With Us