ප්‍රවාහනය කරමින් තිබූ කහ කිලෝග්‍රෑම් 1150ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 54 සේනාංකයට අයත් 7වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් මන්නාරමේදී අද (11) උදෑසන අත්අඩංගුවට ගන්නා ලදී.

ලාෆ් ගෑස් සමාගම ද ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල ගණන් ඉහළ දමා තිබේ.

ඉන්ධන හිඟකම නිසා ලෙබනනයේ ප්‍රධාන විදුලි බලාගාර දෙක සිය විදුලි උත්පාදන නවතාලීම හේතුවෙන් මිලියන 06 කට ලෙබනන් වැසියන්ට විදුලි බලය ඇණ හිට ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

අවුරුදු 18 -19 වයස් කාණ්ඩයේ පාසල් ළමුන් එන්නත් කිරීම 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය කෙරේ. ඉගෙනුම ලබන පාසලේදීම එන්නත් ලබාගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය සහ අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දෙනු ලැබිණ.

සිමෙන්ති, කිරිපිටි, තිරිඟු පිටි සහ ගෑස් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට රජය තීරණය කර තිබේ.

ඉදිරි මාස කීපය තුළ ලෝකෙ රටවල් කුමන පසුබෑමකට ලක්වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට රැගෙන යන බවට සහතික වන බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

අපොස උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය නියම කරගත් දිනවල පැවැත්වීමට නොහැකිවී ඇති බව අද නිවේදනය කෙරුණා. එම විභාග පැවැත්වෙන දින පසුව දැනුම්දීමට නියමිතයි.

දැනට පවතින හිඟ විදුලි බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් වෙත වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍යංශය තීරණය කර තිබේ.

ld add copy

Connet With Us