භාණ්ඩ 06ක මිල පරාස සංශෝධනයක්

Published in පුවත්
Monday, 05 February 2024 13:26

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මීට පෙර නිකුත් කර තිබූ  උපරිම තොග සහ සිල්ලර මිල පරාස සංශෝධනය කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල  අද (5) නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

එහිදී තොග මිල නිෂ්චිත මිලක් ලෙස ද, සිල්ලර මිල මිල පරාසයක් ලෙස ද, ප්‍රසිද්ධ කළ බවත් ඒ අනුව භාණ්ඩ මිලදී ගැනීමට පෙර සිල්ලර වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට වඩාත් සහනදායි ස්ථානයෙන් මිලදී ගැනීම කළ හැකි බවත් එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව වියළි මිරිස්, සුදු සීනි, ආනයනික හාල්මැස්සන්, ආනයනික ලොකු ලූණු, ආනයනික අර්තාපල් සහ මයිසූර් පරිප්පු යන භාණ්ඩලවල උපරිම තොග සහ සිල්ලර මිල අඩු කර තිබේ.  

වියළි මිරිස් කිලෝවකට රුපියල් 870 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 900 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 320 ක, අර්තාපල් කිලෝවකට රුපියල් 120 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 295 ක තොග මිල නැවත ප්‍රසිද්ධ කර තිබේ.

වියළි මිරිස් කිලෝවක් රුපියල් 950ත් 1200ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 280 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1050 ත් 1400 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 360 ත් 420 ත් අතර, අර්තාපල් කිලෝවක් රුපියල් 180 ත් 250 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 310 ත් 380 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කර තිබේ.

මීට පෙර මිල ප්‍රකාශයේදී වියළි මිරිස් කිලෝවකට රුපියල් 900 ක, සුදු සීනි කිලෝවකට රුපියල් 265 ක, ආනයනික හාල්මැස්සන් කිලෝවකට රුපියල් 1000 ක, ලොකු ලූණු කිලෝවකට රුපියල් 400 ක, අල කිලෝවකට රුපියල් 145 ක සහ පරිප්පු කිලෝවකට රුපියල් 290 ක තොග මිලක් ප්‍රසිද්ධ කර තිබුණි.  

එහි වියළි මිරිස් කිලෝවක් රුපියල් 1100 ත් 1300 ත් අතර, සුදු සීනි කිලෝවක් රුපියල් 290 ත් 310 ත් අතර, හාල්මැස්සන් කිලෝවක් රුපියල් 1100 ත් 1500 ත් අතර, ලොකු ලූණු කිලෝවක් රුපියල් 450 ත් 570 ත් අතර, අල කිලෝවක් රුපියල් 180 ත් 210 ත් අතර සහ පරිප්පු කිලෝවක් රුපියල් 300 ත් 360 ත් අතර සිල්ලර මිලක් ප්‍රසිද්ධ කිරීමට පියවර ගෙන තිබුණි.  

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us