පාර්ලිමේන්තුවේ ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ ඇතැම් රූමත් සේවිකාවන්ට එහි සමහර නිලධාරීන් ලිංගික හිංසන කරන ලදැයි කියන සිද්ධියේ විමර්ශන පොලිස්පතිවරයාට බාරදීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත.

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයන්ගෙන් සමන්විත දූත පිරිසක් ඊයේ (07) පස්වරුවේ ජනාධිපති කාර් යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමු වූහ.

දීගු කාලීන මිතුදමක් සහිත රටක් වන ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු අවස්ථාවක ඉන්දියාව නොපැකිළෙන බව ශ්‍රී ලංකාවේ ඉන්දීයානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පවසයි.

විදේශ සේවය සඳහා නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

විද්‍යුත් වාහන 900කට ආසන්න ප්‍රමාණයක් ආනයනය කිරීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා බලපත්‍ර නිකුත් කර ඇති බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලබන වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩුවිය හැකි බවට අපේක්ෂාවක් ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.

රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව මාර්ගෝපදේශ නිකුත් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශයෙහි තෙවැනි මහලේ පවතින රසායනාගාරයේ වායුසමීකරණ පද්ධතිය නඩත්තු නොකිරීම නිසා රෝගීන් ආපසු හරවා යැවීමට එහි පාලනාධිකාරිය කටයුතු කර ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.

ld add copy

Latest News

Connet With Us