ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි කටයුතු පෙබරවාරි 29 ට පෙර

Published in පුවත්
Thursday, 08 February 2024 07:52

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමේ කටයුතු ප්‍රමාද නොවී සම්පූර්ණ කරන ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය සිහිකැඳවීමක් සිදු කර තිබේ.

කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ, අදාළ ලියාපදිංචි කටයුතු පෙබරවාරි 29 වැනි දාට පෙර අවසන් කළ යුතු බවයි.

තම නිවෙස් වෙත ලැබී ඇති ඡන්ද හිමි නාම ලේඛනයේ වයස අවුරුදු 18ට වැඩි පවුලේ සාමාජිකයින් හෝ නිවසේ රැඳී සිටින පුද්ගලයින් සියලුදෙනාගේ තොරතුරු ඇතුළත් කිරීම අනිවාර්යය බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි.

ඒ අනුව ස්ථිර පදිංචිය වෙනස් නොකළ, විවාහය, අධ්‍යාපන කටයුතු හෝ හේතුවක් මත වාසස්ථානය වෙනස් කළ පුද්ගලයින් සියලු දෙනා ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි විය යුතුයි.

ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වූවත් විදෙස් ගතව සිටින පවුලේ සාමාජිකයින්ගේ නම් ද ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කළ යුතු බව කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ ය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us