මොල්නුපිරවියා කොවිඩ් මර්දන කරල ගෙන්වීමට නිර්දේශ ඉල්ලයි
කොවිඩ් මර්දනය සඳහා මේ වන විටත් මූලික පරීක්ෂණ සාර්ථකව පවතින ඖෂධ කරල මෙරට භාවිතය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.
ගුරු වැටුප් ප්‍රශ්නයට අගමැති විසදුම, වෘත්තීය සමිති පිළිනොගනී !
ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවත්වාගෙන යන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යාමට අද පැවැති එම සන්ධානයේ සාකච්ඡාවකදී තීරණය කර ඇත.
වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලා පැවති අරගලයට විසඳුමක් ලෙස අදියර දෙකකින් වැටුප් වැඩිකිරීමට රජය එකඟතාව පළ කරන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් හමුවේ ප‍්‍රකාශ කළේය.
බුකියේ රැළි හැදීම සාමාන්‍ය දෙයක්..ඒවාත් මුහුදු රැළි වගේ එනවා යනවා. සමහර ඒවා අතරමඟදී සුනුවිසුනු වෙයි..තව සමහරක් සුනාමි වැනිය ..ඒවා කොහොම උනත් මේ රැළි හැමදාම එනවා යනවා. ලස්සනයි, ආසයි, ප්‍රිය ජනකයි, පියකරුයි, භයංකරයි ගුප්තයි.... වගේ රස නවයක් නොවේ දහ අටක් විතර මේ මුහුදු රැළි වල තිබේ. ..
ඉන්ධන මිල දැන්ම වැඩි නො කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ඉදිරියේදී දුම්රිය ධාවනය සිදුවන්නේ නව කාලසටහනකට අනුව බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පැවැසීය.
විශ්වවිද්‍යාල සිසුන් සඳහා කොරෝනා එන්නත් ලබාදීම සියළුම විශ්වවිද්‍යාලවලදී අද ආරම්භ වුණා. එය ලබන 15 වනදා දක්වා සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ප්‍රකාශ කර තිබේ.
තිරිඟු පිටි මිලත් සමාගම් තීරණය කරයි. යළි රුපියල් 10 කින් ඉහළට
තිරිඟු පිටි මිල රුපියල් 10 කින් ඉහළ දැමීමට ප්‍රධාන තිරිඟු පිටි ආනයනික සමාගම වන ප්‍රීමා සමාගම ඇතුළු සෙසු සමාගම් තීරණය කර ඇති බව ප්‍රීමා සමාගමේ නිලධාරියකු පැවැසීය.