එල් නිනෝ බලපෑමෙන් පුද්ගලයින් 163,869 දෙනෙකු පීඩාවට

Published in පුවත්
Wednesday, 16 September 2026 10:11

එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක පවුල් 50,174කට අයත් පුද්ගලයින් 163,869 දෙනෙකු පීඩාවට පත්ව ඇත.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (16) උදෑසන නිකුත්කළ නවතම දත්ත වාර්තාවට අනුව දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක් එල් නිනෝ බලපෑමට ලක්ව තිබේ.

කෙසේ නමුත් පීඩාවට පත් ජනතාව සඳහා අඛණ්ඩව පානීය ජලය සැපයීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36හිම ජීවත්වන පවුල් 43,586කට අයත් පුද්ගලයින් 142,2362 දෙනෙකු වෙනුවෙන් මේ වනවිට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු සිදුකෙරෙමින් පවතින බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

මෙලෙස පානීය ජල ගැටලුවට මුහුණදී සිටින්නේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව හා රත්නපුර දිස්ක්‍රික්ක වේ.

ඉන් වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ මොනරාගල දිස්ත්‍රික්කය වන අතර, එහි පවුල් 13,549කට අයත් පුද්ගලයින් 43,638ක් පීඩාවට පත්ව සිටියි.

කෙසේ නමුත් එම සියලුම ජනතාවට පානීය ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බව අදාළ වාර්තාවේ සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us