ජනාධිපති ඔස්ට්‍රේලියාව බලා පිටත් වේ

Published in පුවත්
Thursday, 08 February 2024 07:42

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. ඒ, 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහායි.

ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වන ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ජනාධිපතිවරයා අද (08) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඉන්දියානු සාගර සමුළුව හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ ඔස්ට්‍ර්ලියාවේ පර්ත් නුවර දී පැවැත්වීමට නියමිතය.

ඉන්දීය පදනමේ සහ ඔස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයට එක්වනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ලබාගත හැකි ආයෝජන අවස්ථා පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් සොයා බැලීමට නියමිතය.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us