කොළඹ සහ බංගලාදේශයේ ඩකා නුවර අතර මගී ප්‍රවාහන බෝට්ටු (cruise) සේවයක් ආරම්භ කිරීම කෙරෙහි ද මේ වන විට දෙරටේම අවධානය යොමුව ඇතැයි සංචාරක අමාත්‍යාංශය පවසයි.

මෙරට සියලුම දිස්ත්‍රික්කයන්හි සිටින වයස අවුරුදු 20ට ඉහළ ජනගහනයෙන් සියයට 90ක පිරිසක් කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ගෙන සම්පූර්ණ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසා ඇත.

රසායනික පොහොර සීමාකිරීම හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගත් සාධනීය පියවරක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය බුද්ධි අංශය අත්අඩංගුවට ගත් ‘අයි එස් ත්‍රස්ත සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන අංක සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.

මේ වන විට ලෝකයේ බොහෝ රටවල වාර්තා වී තිබෙන දැනට භාවිතා කරන එන්නත් වලටද ප්‍රතිචාර නොදක්වන A 30 ප්‍රභේදය මෙරටට ද ඇතුල් වීමේ අවදානමක් තිබෙන අතර එසේ වුවහොත් ඉතා ව්‍යසනකාරී තැනකට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකක් ලබාගෙන ඇති පිරිස් සඳහා බූස්ටර් එන්නතක් ලබා දීම අද සිට ඇරඹුණා . ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්ය‍ය මණ්ඩලවලටයි මෙම බූස්ටර් එන්නත පළමුවෙන්ම හිමි වුයේ.

වසර හයකට පසු ශ්‍රී ලංකාව සහ ප්‍රංශය අතර යළි සෘජු ගුවන්ගමන් ආරම්භ කර තිබේ .

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමඟ සමපාත විය යුතු බව පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව අවධාරණය කරයි.

ld add copy

Connet With Us