විෂ මත්ද්‍රව්‍ය වැටලීම සදහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක්

Published in පුවත්
Monday, 12 February 2024 11:07

විෂ මත්ද්‍රව්‍ය වැටලීම සදහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය පවසනවා.

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලය මර්දනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම අරමුණු කර ගනිමින් දිවයිනම ආවරණය වන පරිදි මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

ඊයේ දිනය තුළ සිදුකළ වැටලීම්වලදී සැකකරුවන් 538 දෙනෙකු හා සැකකාරියන් 7 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

බස්නාහිර පළාත ආවරණය වන පරිදී ක්‍රියත්මක කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 79ක්, අයිස් ග්‍රෑම් 102ක්, ගංජා ග්‍රෑම් 145ක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබුවා.

මෙම මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර විෂ මත්ද්‍රව්‍ය සමාජයේ හිඟවීම හේතුවෙන් පුද්ගලයින් මත් පෙති භාවිතයට යොමු වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දුව පවසයි.

පොලීසිය විසින් සිදුකළ මුලික විමර්ශනවලදී මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බව ඔහු සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ,
"පසුගිය දිනවල මත්පෙති 363,438ක් අපි පොලිස් භාරයට ගත්තා පසුගිය කාලසීමාව තුළ. විෂ මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන පුද්ගලයින් අත්අඩංගුවට ගන්නවා හා සමානව ඊට කලින් මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදිලා යම් යම් අධිකරණවල නඩු පවරලා, නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින සැකකරුවෙන් අධිකරණයේ පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කරලා තියෙනවා. ඔවුන්වත් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා මේ මෙහෙයුම හරහා."

මේ අතර යුක්තිය මෙහෙයුම යටතේ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 625 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 545 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 80 දෙනෙකු ඊට ඇතුළත් වන බව පොලීසිය පැවසුවේය.

සැකකරුවන් සතුව තිබි හෙරොයින් ග්‍රෑම් 160ක්, අයිස් ග්‍රෑම් 152ක්, සහ ගංජා කිලෝග්‍රෑම් 10යි ග්‍රෑම් 745ක් සහ මත්පෙති 683ක් පොලිස් භාරයට ගෙන තිබේ.

එමෙන්ම අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටින සැකකරුවන් ‍80දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් කර සිටින සැකකරුවන් 03 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 74 දෙනෙකු ද සිටින බව පොලීසිය පැවසුවේය.

 -P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us