කෙරෝනා රෝගය ආසාදනය වූවත්, එන්නත් මගින් මරණය නිසැකව ම වළකන බව ඉන්දීය අධ්‍යයනයකින් ද තහවුරු වී තිබෙනවා.

කොවිඩ් අවධානම් තත්ත්වය හේතුවෙන් මේ වන විට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලිහිල්කිරීම හෝ දීර්ඝකිරීම සම්බන්ධයෙන් අද (10) තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

පාස්කු ප්‍රහාරය විමර්ශනයට ක්‍රියා මාර්ග ගෙන ඇති බවට ජාත්‍යන්තරය රැවටීම සඳහා අගමැතිවරයා සහ විදේශ ඇමැතිවරයා ඇතුළු පිරිසක් වතිකානුවට යාමට ගෙන ඇති තීරණය කතෝලික සභාව හෙළා දකින බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ ඊයේ (08 වැනිදා) පැවැසූහ.

වයස අවුරුදු 12ත් 18ත් අතර දරුවන් සඳහා කඩිනමින් කොවිඩ් මර්දන එන්නත්කරණය ආරම්භ කිරීමට අවධානය යොමුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සහල් තොග සඟවා සිටින වෙළෙඳුන් සොයා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි . එහි සභාපති ශාන්ත දිසානායක මහතා පැවසුවේ, ඒ සඳහා දිවයින පුරා පාරිභෝගික සේවා නිලධාරීන් යොදවා ඇති බවය.

වයස අවුරුදු 20ත් 29ත් අතර තරුණ තරුණියන්ට ෆයිසර් එන්නත ලබාදීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි.

සයිනොෆාම් එන්නතේ මාත්‍රා 2ම ලබාගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ට තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

පෑලියගොඩ නුගේ පාරේ පිහිටි සීනි තොග ගබඩාවක් වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ සහ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් එහි තිබූ සීන මෙට්‍රික් ටොන් එක්දහස් තුන්සියයක් සිය භාරයට ගත්තා.

ld add copy

Connet With Us