ගාස්තු අඩු කිරීමට ඇතුළු පාසල් ළමුන්ගේ ප්‍රවාහන සේවා නියාමනයට නව නීති Featured

Published in පුවත්
Thursday, 15 February 2024 09:45

පාසල් ළමුන්ගේ ප්‍රවාහන සේවා නියාමනය කිරීම සඳහා ඉතා ඉක්මනින් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනත (NTC) සංශෝධනය කිරීමට නියමිත අතර නව පනත් කෙටුම්පත එහි අවසන් අදියරේ පවතින බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පැවසීය.

වත්මන් NTC පනත යටතේ පාසල් ප්‍රවාහන සේවා නියාමනය කළ නොහැකි බැවින් , පාසල් ප්‍රවාහන සේවා ඔවුන්ගේ විෂය පථය යටතට ගැනීමට නව විධිවිධාන සහිතව පනත මේ වන විට සංශෝධනය වෙමින් පවතී.

පාසල් ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් වන ඉහළ ගාස්තු අයකිරීම නියාමනය හා ආරක්‍ෂාව නොමැතිකම වැනි ගැටලු රැසක් පාර්ශව රැසක් මතුකරමින් සිටියි. පාසල් ප්‍රවාහන සේවා සඳහා වත්මන් පනතේ නිශ්චිත ප්‍රතිපාදන ඇතුළත් කර නොමැති බව සඳහන් කළ ඔහු එය රටේ තීරණාත්මක ප්‍රවාහන ක්ෂේත්‍රයක් වූ පාසල් ළමුන්ගේ ප්‍රවාහන සේවා නියාමනය කිරීමට බාධාවක් වී ඇති බව සඳහන් කළේය. “වත්මන් පනත යටතේ, පාසල් ප්‍රවාහන සේවා සඳහා නිශ්චිත ප්‍රතිපාදන කිසිවක් ඇතුළත් නොවන බැවින්, ඒවා පිළිබඳව නිශ්චිතව තීරණය කිරීමට අපට බලයක් නොමැත. එබැවින්, පාසල් දරුවන්ගේ ගාස්තු ඇතුළුව ප්‍රවාහන සේවා නියාමනය කිරීම සඳහා එවැනි විධිවිධාන සහිත පනත අපි දැනට සංශෝධනය කරමින් සිටිමු. දැන් එම ක්‍රියාවලිය අවසන් අදියරේ පවතිනවා,” ඔහු ප්‍රකාශ කළේය

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us