පළමු වරට චීනයෙන් පිටත පැවැත්වෙන චීන ජාතිකයන්ගේ මැරතන් තරගයක් ලංකාවේ Featured

Published in පුවත්
Thursday, 15 February 2024 10:13

ඉදිරි වසර හතර තුළ චීන සංචාරකයින් මිලියනයක් පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය සිය අවධානය යොමු කරයි.

මෑතක දී චීනයේ සිදු කළ ඉහළ පෙළේ නියෝජිත පිරිසකගේ සංචාරයකින් අනතුරුව, මෙම කාල සීමාව තුළ චීන සංචාරකයින් මිලියනයක් ශ්‍රී ලංකාවට එවීමට චීනයේ Chongqing මහ නගර සභාව කටයුත් කරමින් තිබේ. මෙරට දරිද්‍රතාවය පිටුදැකීම සහ ජීවනෝපාය උත්පාදනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම 'චීන ව්‍යාපෘතිය' අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙහෙයවනු ලැබේ.

චීන ව්‍යාපෘතියේ සංචාරක අංශය දියත් කිරීමට සම්බන්ධ ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ (SLITHM) සභාපති ශිරන්ත පීරිස් මහතා මෙම පියවරේ ඉලක්ක විස්තර කරමින් කියා සිටියේ එය රටේ ආදායම වැඩි කිරීම පමණක් නොව උත්සව සහ සත්කාරකත්වය ද අරමුණු කරන බවයි.

ඔහු ප්‍රකාශ කළේ මේ අනුව පළමු චීන සංචාරක කණ්ඩායම විවේක චාරිකා සඳහා මේ මාසයේ පැමිණීමට නියමිත බවත්, දෙවන කණ්ඩායම 5,000ක් පමණ රටින් පිටත පැවැත්වෙන පළමු චීන මැරතන් තරගයට සහභාගී වීමට මැයි මාසයේදී පැමිණීමට නියමිත බවත්ය.

“මැයි 1 සිට 3 දක්වා චීන මැරතන් තරගයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට අපි සමත් වුණා. අපි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000ක් පමණ බලාපොරොත්තු වෙනවා, ඔවුන්ගේ සහායක කාර්ය මණ්ඩලය සහ පවුල්වල ප්‍රතිඵලයක් වශයෙන්, එම කාලය තුළ චීන අමුත්තන් 5,000ක් පමණ පැමිණෙනු ඇතැයි” ද පීරිස් ප්‍රකාශ කළේය.

මැයි 2 වැනිදා පැවැත්වීමට නියමිත චීන මැරතන් තරගය රත්මලාන සිට බේරුවල දක්වා විහිදෙන අතර, සහභාගිවන්නන්ට ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ඔස්සේ දර්ශනීය මාර්ගයක් ලබාදේ. මැරතන් තරගයට අනුපූරකව මැයි 1 සිට 3 දක්වා උණවටුන ප්‍රදේශයේ මුහුදු ආහාර සැණකෙළියක් පැවැත්වීමට නියමිත අතර එය එම ඉසව්වට ප්‍රබෝධමත් බවක් එක් කරයි.

"මෙම මැරතන් සහ මුහුදු ආහාර උළෙලේ සාර්ථකත්වය මත පදනම්ව, ඒවා අඛන්ඩ දින දර්ශන සිදුවීම් ලෙස ස්ථාපිත කිරීම අපගේ අරමුණයි," ඔහු වැඩිදුරටත් පැවසීය.

දිගු කාලීනව, චීන සංචාරකයින් මිලියනයක් ගෙන්වා ගැනීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා, ශක්තිමත් අලෙවිකරණ උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට සහ චීනයේ සියලු ප්රදේශ වල අමුත්තන් ආකර්ෂණය කරගැනීම සඳහා විවිධ ඉසව් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ වැදගත්කම පීරිස් අවධාරණය කළේය.

නවාතැන් විකල්පයන්, ආහාර, භාෂා සහාය, සංචාරක මාර්ගෝපදේශකයින් සහ ගුවන් සම්බන්ධතා සම්බන්ධයෙන් ඔවුන්ගේ මනාපයන් අවබෝධ කරගැනීම වසර හතරක් පුරා සංචාරකයින්ගේ තිරසාර ගලා ඒම සඳහා අත්‍යවශ්‍ය වන අතර, චීන සංචාරකයින් සඳහා නැවත පැමිණීම් වැඩි කිරීමට සංචාරක අත්දැකීම් සහ පිළිගැනීමේ පරිසරයක් නිර්මාණය කරමින් සමස්ත වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය බව ඔහු පැවසීය.

COVID වසංගත සංචාරක සීමාවන්, ආර්ථික අර්බුද හේතුවෙන් සංචාරක කර්මාන්තයේ මන්දගාමී බව තිබියදීත්, 2023 දී,සංචාරකයන්ගේ මුළු පැමිණීම් මිලියන 1.48 අතරින් 68,789 (5%) චීන සංචාරකයින් ඇතුළත් විය. චීනය ඉන්දියාවට පසුව ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම සංචාරක වෙළඳපොළ විය. අර්බුදවලින් තොර 2018 වසරේ චීනයෙන් පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 265,965ක් වූ නමුත් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් 2019 වසරේදී එය 167,863 දක්වා පහත වැටී ඇත. 2016 වසරේ වාර්තාගත චීන සංචාරකයින් 271,577ක් පැමිණ ඇත.

2023 පෙබරවාරි 6 සිට කණ්ඩායම් වශයෙන් පිටතට යන සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේ නියමු වැඩසටහනකට චීනය, ශ්‍රී ලංකාව ඇතුළත් කළ අතර ඒ අනුව වසර තුනකට පසු පළමු චීන සංචාරක කණ්ඩායම මාර්තු 1 වන දින පිළිගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පසුගිය වසරේ චීනයේ නගර කිහිපයක මාර්ග සංදර්ශන දෙකක් පැවැත්වීය. පළමුවැන්න 2023 අප්‍රේල් 17 සිට 21 දක්වා ෂැංහයි, බීජිං සහ ගුවැන්ෂු හිදී පැවැත් වූ අතර දෙවැන්න මැයි මාසයේදී කුන්මිං, බීජිං සහ ෂැංහයි නගර කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදී.

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us