දොස්තරලගේ DAT දීමානවට විරුද්ධව වැඩවර්ජනය කළේ ආණ්ඩුවේ වෘත්තීය සමිති

Published in පුවත්
Monday, 12 February 2024 17:01

ආණ්ඩුව වෛද්‍යවරුන්ට රුපියල් 35,000ක් ලබා දෙමින් සිදු කළේ සෞඛ්‍ය සේවයේ ශ්‍රේණි අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සාහ ගැනීමක් බව සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක අමිල රත්නායක අවධාරණය කරයි.

හෙතෙම වැඩිදුරටත පවසා සිටින්නේ එම උත්සාසහය පරාජය කිරීමට හෙද සේවයේ වගකිවයුතු සංගමයක් ලෙස සමස්ත ලංකා හෙද සංගම කටයුතු කළ බවත් සෞඛ්‍ය කාර්යමණ්ඩල වැඩවර්ජනවලට කැඳවා රෝගීන් සහ සෞඛ්‍ය සේවකයින් අතර ගැටුමක් ඇති කිරිමට ගත් ආණ්ඩුවේ උත්සාහය පිළිබඳව හෙද හෙදියන් මෙන්ම ජනතාවද දැනුවත් කරමින් ආණ්ඩුවේ එම උත්සාහයද යම් තාක් දුරකට පරාජය කළ බවත් රෝගී ජීවිත රැකගනිමින් නව සටන් ඇරඹීමට ලබන 14 වනදා දහස් ගණනින් හෙද හෙදියෝ කොළඹට පැමිණෙන බවය.

ඔහු මේ බව අවධාරණය කළේ අද (12) පෙරවරුවේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක අමිල රත්නායක,

“මේ වෙලාවේ ආණ්ඩුව සෞඛ්‍ය සේවකයන් අතර අර්බුදයක් හදන්න තමයි වෛද්‍ය සේවකයන්ට මෙම රුපියල් 35,000ක දීමනාව දුන්නේ. ශ්‍රේණි අතර ගැටුමක් හදන්න. සමස්ත ලංකා හෙද සංගමය හැටියට අපි ඒ අර්බුදයට අහුවුනේ නැහැ. අපි ශ්‍රේණි ගැටුම හදාගත්තේ නැහැ. අපි ශ්‍රේණි ගැටුමක් හදාගන්නේ නැතුය සෞඛ්‍ය සේවයේ හෙද හෙදියෝ පෙලගැස්සුවා මේ ආණ්ඩුව කරපු උපක්‍රමයට විරුද්ධව.

අපි එකපාර වැඩවර්ජනවලට යන්නේ නැතුව මේ තත්වය සෞඛ්‍ය සේවකයෝ දැනුවත් කරලා උපක්‍රමිකව අපි ආණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාවට එරෙහි සටනට සූදානම් කළා. අපි ජනතාව දැන්වත් කලා මේ සෞඛ්‍ය සේවාව බිඳවට්ටලා තියෙන්නේ ආණ්ඩුව, ඒ වගේම ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ සෞඛ්‍ය සේවාවේ විවිධ ශ්‍රේණි අතර ගැටුමක් හදලා වගේම ජනතාව සහ සෞඛ්‍ය සේවකයා අතර ගැටුමක් හදන්න කියන එක.

අපි ඒ දැනුවත් කිරීම් ටික කරලා ඉවර වෙනතුරුම ආණ්ඩු හිතවාදී වෘත්තීය සමිති කළේ ආණ්ඩුවට ඕන විදිහට වැඩවර්ජන කරන එක. ඒකේ ප්‍රතිඵලක් හැටියට ශ්‍රේණි බේදය යම් තරමකට හැදිල තියෙනවා. මහජනතාවත් සෞඛ්‍ය වෘත්තිකයෝ එක්ක යම් තරමකට උරණවෙලා තියෙනවා.

එහෙත් අපි සමස්ත ලංකා හෙද සංගමට හැටියට ඒ දෙකම බේරගෙන, මහජනතාවට හානියකුත් නොවන විදිහට, ආණ්ඩුවට විරෝධය දක්වන්න දහස් සංඛ්‍යාත හෙද හෙදියෝ මේ මාසේ 14 වෙනිදා කොළඹට එනවා. ඒ ක්‍රියාමාර්ගයෙන් තමයි සමස්ත ලංකා හෙද සංගමට හැටියට අපි මේ ආණ්ඩුවට එරෙහිව සටන පටන්ගන්නේ. මෙතෙක් අපි කළේ ඉතාමත් හොඳින් කල්පනා කරලා, ආණ්ඩුව සෞඛ්‍ය සේවාවේ ශ්‍රේණි අතර ගැටුමක් හදන දරපු උත්සාහය පරාජය කරන්න මැදිහත් වුන එක.”

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us