රජය තීරණය කළ පරිදි ලබන 21 සහ 22 වැනිදා පාසල් ආරම්භ කළ ද ඊට සහභාගි නොවීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (18) තීරණය කර තිබේ.

රැඳවියන් සඳහා දෑත් පිරිසිදු කාරක දියර භාවිත කිරීම තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ගුරු විදුහල්පති වැ‍ටුප් විශමතාවය දුරලීම සඳහා රජයට ලබා දිය හැකි උපරීම විසඳුම ලබා දුන් බව අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

එළඹෙන කන්නයේදී වී කිලෝවක් සඳහා රුපියල් 70ක මිලක් නියම කිරීම සඳහා ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

පොන්නි සම්බා කිලෝ එකක් සතොස මඟින් රුපියල් අනූ අටකට අලෙවි කිරීමට පියවර ගෙන ඇතැයි වෙළෙඳ ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා තිබේ.ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා 21 වන බ්‍රහස්පතින්දා දක්වා දැඩිව ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරේ. ලබන 19 සහ 20 දිනවල යෙදී ඇති නිවාඩු දින සමග දීර්ඝ සති අන්තයක් යෙදී ඇති බැවින් සියලුම පළාත් මායිම්වලදී ගමනාගමන කටයුතු දැඩිව පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක අංශවලට නියෝග කළේය.

මිල්කෝ ආයතනය හයිලන්ඩ් කිරිපිටි මිල ගණන් සංශෝධනය කර තිබේ.

ld add copy

Connet With Us