කෙහෙළියට පාර්ලිමේන්තු සභාවාරයට පැමිණීමට අවසර

Published in පුවත්
Wednesday, 07 February 2024 08:11

9 වන පාර්ලිමේන්තුවේ 5 වැනි සභාවාරය අද (07) පෙරවරුවේ විවෘත කෙරේ. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ සඳහන් කළේ, පෙරවරු 10.30 ට ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

පසුගිය ජනවාරි මස 26 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව වාර අවසාන කළේ ය.

මේ අතර අද පැවැත්වෙන පාර්ලිමේන්තු සභාවාරයට දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට සහභාගි වීමට කථානායකවරයා අවසර ලබාදී තිබේ.

ඒ, කෙහෙළිය රඹුක්වැල්ල කළ ඉල්ලීමක් සලකා බලමිනි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම සඳහා කෙහෙළිය රඹුක්වැල්ලට අවසර ලබාදුන්නද ඔහු විසින් එලෙස සහභාගීවීම ප්‍රතික්ෂේප කර ඇති බවය.

-P.M

Last modified on Wednesday, 07 February 2024 08:40

Leave a comment

ld add copy

Gossip

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

Connet With Us