ප්‍රතිපත්ති ප්‍රකාශය කල් තැබීමේ විවාදය අද

Published in පුවත්
Thursday, 08 February 2024 08:50

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තැබීමේ විවාදය අද (08) ආරම්භ වීමට නියමිත ව තිබේ.

අද පෙරවරු 09.30 සිට පස්වරු 05.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම විවාදය හෙට දිනයේ ද පැවැත්වීමට නියමිත ව ඇත.

එහි දී අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා විවාදයකින් තොර ව අනුමත කිරීමට නියමිත ව තිබේ.

09 වැනි පාර්ලිමේන්තුවේ පස් වැනි සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ආරම්භ වූ අතර, එහි දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිණි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ කතාව ආරම්භ වීමත් සමඟ එහි සිටි සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පිරිසක් සභා ගර්භයෙන් පිට ව ගිය හ.

කෙසේ වෙතත් අද දිනයේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද සභාව කල් තැබීමේ විවාදයට සිය පක්ෂයේ මන්ත්‍රීවරුන් එක් වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

-දෙරණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us