අත්‍යාවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සදහා පනවා තිබූ සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

සර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික ආර්ථික සැලසුම අද (01) ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් එළිදැක්වුණි.

අපරාධ නඩුවලට සම්බන්ධ දරුවන් වෙනත් ස්ථානයක තබා වීඩියෝ තාක්ෂණයෙන් ප්‍රශ්න කිරීමේ ක්‍රියාවලිය ලෝක ළමා දිනයට සමගාමීව අද(01) සිට ආරම්භ කරන බව අපරාධ හා රථවාහන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසා ඇත.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ 5500ක පමණ ප්‍රමාණයක් හෙට (01) සිට ධාවනයට සූදානම් කර ඇතැයි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි ‍රණවක මහතා පවසයි.

කුඩා පරිමාණයේ කිරි සැකසුම් මධ්‍යස්ථාන හයක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

කොළඹ වරායේ සිරවී ඇති අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මුදාහැරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව විසින් අමෙරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කර තිබේ.

දකුණු පළාතේ ළමුන් 200ට අඩු පාසල් ලබන මස (ඔක්තෝබර්) 15 වැනි දින සිට ආරම්භ කිරිමට සැලසුම් කොට ඇති බැව් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් රට තුළ ඇති කළ චීන කාබනික පොහොර තොගය මෙරටට ගෙන ඒම නතර කර දමන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

ld add copy

Connet With Us