ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට කැබිනට් පත්‍රයක් Featured

Published in පුවත්
Monday, 05 February 2024 08:44

ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගාකිරීමට ආයෝජකයන් කැඳවීමට අදාළ නෛතික බලය ලබා ගැනීමේ කැබිනට් පත්‍රිකාව අද (05) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අපනයනය සඳහා පමණක් කංසා වගාව නීතිගත කිරීමට අපේක්ෂා කරන අතර එමඟින් ‍මෙරටට විශාල විදේශ විනිමයක් ඉපයිය හැකි බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා "අද දෙරණ" සමග පැවසුවේය.

"මේ වනවිට 1971 ආයුර්වේද පනත සංශෝධනය කරලා, ඖෂධීය ශාක වගා කිරීම සඳහා අවශ්‍ය නෛතික බලය ලබාදීලා තියෙනවා. ඒවට අදාළ නෛතික තරයන් විශේෂයෙන් කංසා වගාවට අවශ්‍ය නෛතික තත්ත්වයන් සම්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන කෙටුම්පත ආයුර්වේද නීති සංග්‍රහය මඟින් අපි නීතිපතිතුමා වෙත ඉදිරිපත් කළා. ඔහුගෙන් ලැබුණු නෛතික සංග්‍රහයන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. කැබිනට් මණ්ඩලය එය අනුමත කිරීමෙන් පසු අපිට පුළුවන් වෙනවා අපේ රටේ විදේශ විනිමය උද්පාන මාර්ගයක් ලෙස ගමන් කරන්න අවශ්‍ය ආයෝජන කැඳවීමට අවශ්‍ය කටයුතු සිදුකරන්න. ආයුර්වේද මණ්ඩලය හරහා තමා මේ ආයෝජකයින් කැඳවීම සිද්ධවෙන්නේ."

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us