අමාත්‍යවරයා පවසා සිටියේ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තාවේ මේ පිළිබඳව පැහැදිලිව සඳහන් වී ඇති බවය.
ඒ අනුව ආයතන හයක් සම්බන්ධයෙන් මේ වනවිට කරන ලද විගණන විමර්ශනය යටතේ රුපියල් කෝටි 318 මුදලක් අමතර බදු ලෙස රජයට අය කරගැනීමට හැකිව ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා කීය.