ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 95 දෙනෙක් සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් ගුවන් ටිකට්පත් ලබාදුන් අතර, මේ වන විට කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 602 දක්වා ඉහළ ගොස් තිබේ.

සිය සැමියාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට කිසිවකු විසින් අවසරයකින් තොරවඇතුළු වී එම ගිණුම් යළි ලබාදීමට රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ලෙස අවශ්‍ය බවට නාඳුනන පුද්ගලයකුගෙන් පණිවුඩ ලැබුණු බවට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබිණ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ පවුල තුළ තිබෙන මූලික සබඳතා අඩු වී සමාජය කඩා වැටීමකට ලක්ව ඇතිබව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්.ටී.එම්. මහීස්  ප්‍රකාශ කළේය.

පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති චක‍්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ.

එළැඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ වරාය නගරයේ ඉදිකළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය විවෘත කිරීමට නියමිතය.   කොළඹ වරාය නගරයේ දැන් ඉදිරීම් අවසන් වෙමින්  පවතින දකුණු ආසියාවේ ප්‍රථම නාගරික තීරු බදු රහිත (downtown duty-free store) සාප්පු  සංකීර්ණය  විවෘත වීම ඓතිහාසික ආර්ථික සන්ධිස්ථානයක් නිර්මාණය කරනු ඇත.

ජපන් රජයේ ආධාර යටතේ මෙරට සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුලු ප්‍රවාහන කටයුතු සදහා ඩීසල් මෙට්‍රික්ටොන් 40,000 ක ප්‍රදානයක් ලැබී තිබෙනවා.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිෆික් කලාපීය සමුළුව අද (19) කොළඹ දී ආරම්භ වේ.

ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී දූෂණ හා වංචා ක්‍රියාකාරකම්වල යෙදීම කොන්ත්‍රාත්කරුවන් අසාදු ලේඛනගත කිරීමට ප්‍රමාණවත් හේතුවක් ලෙස හඳුනා නොගන්නා දකුණු ආසියාවේ එකම රට ශ්‍රී ලංකාව බව වාර්තා වේ.

ld add copy

Connet With Us