කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ තාවකාලිකව වසා දැමුණු විශ්වවිද්‍යාල නොවැම්බර් මාසයේ දී විවෘත කිරීමට බලාපොරොත්තු වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.

යුගදනවි හා කැලණිතිස්ස බලාගාර දෙකට අමෙරිකන් සමාගමෙන් ගෑස් ලබා ගැනීමෙන් වසර පහකදී රටට ලැබෙන ලාබය රුපියල් කෝටි 4,000කට අධික යැයි විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය ගණන් බලා තිබේ.

කොරෝනා මර්දන එන්නත් ලබා දීමේ වැඩිම ප්‍රතිශතය වාර්තා කළ රටවල් 10 අතරට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති බව our world in data වෙබ් අඩවිය සඳහන් කරනවා.

කිරි පිටි, ගෘහස්ථ ගෑස්, තිරිඟු පිටි හෝ සිමෙන්තිවල මිල වෙනස්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ඊයේ (27) කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගෙන නොමැති බව වාර්තා වේ.

ඔක්තොම්බර් පළමුවැනිදා රට විවෘත කළ පසු සියලුම රාජ්‍ය සේවකයන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද වලට අනුව සේවයට කැඳවීමට රජය තීරණය කර ඇත.

රටට එරෙහිව එල්ල වන කිසිදු බලපෑමකට යටත් නොවී අනන්‍යතාවය තහවුරු කරගනිමින් ස්වාධීනව රට ජයග්‍රහණය කරා මෙහෙයවීමට රජය කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජී. එල්. පීරිස් මහතා කොලඹදී අද (27) පැවසීය.

රේගුව තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් කන්ටේනර්වලින් ඒවායේ ආනයනකරුවන් නඩු පවරා ඇති කන්ටේනර් නිදහස් කිරීම සම්බන්ධයෙන් පමණක් නීතිපතිවරයා උපදෙස් ලබාගැනීමට රේගු දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පවසයි.

ඔක්තෝබර් මස 01 වැනිදා අලුයම හතරට රට විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ld add copy

Connet With Us