හරිත කෘෂිකර්මාන්තයක් සඳහා තමන් ආරම්භ කළ වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ අවශ්‍ය සහාය නොලැබුණු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

කාති උසාවි අහෝසි කිරීමට නිර්දේශ කරන ලෙස හිටපු මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරයෙකු වූ මොහොමඩ් සුබයිර් මහතා එක රටක් එක නීතියක් සදහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායෙන් ඉල්ලීමක් කර තිබේ.

විදේශගත ශ්‍රමිකයන් මෙරටට රැගෙන එන විදේශ විනිමය (ප්‍රේෂණ) සඳහා ලබාදෙන රුපියල් 10ක දිරි දීමනාව ලබන වසරේ (2022) ජනවාරි 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

රාජ්‍ය නිලධාරීන් සඳහා ලබන වර්ෂයට (2022) අදාළව රුපියල් 4,000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

ලබන වසර සඳහා වන අය වැය යෝජනා ලෙස ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් දැවැන්ත ආයෝජනයක් කිරීමට යෝජනා සම්මත වූ අතර ඒ අනුව ලබන වසරේ ග්‍රාම සංවර්ධනය ඉලක්ක කරමින් රුපියල් කෝටි 8,500ක් (මිලියන 85,000ක්) වැය කිරීමට රජය සැලසුම් කර තිබේ.

විපක්ෂයට වුණත් බලයට පත්වෙන්නේ රටක් තියෙන්න ඕන කියලා විපක්ෂය හිතන්නේ නැහැ. විපක්ෂයට අපිත් එක්ක එකතු වෙලා මේ රට ගොඩ ගන්න ඕන කියන අවශ්‍යතාවය නැහැ. ඔවුන්ගේ ප්‍රාර්ථනාව කොහොමින් හරි මේ රට විනාශ වෙලා යන එක.

කොළඹ කොටස් ‌වෙළෙඳපොළ ඉතිහාසයේ තවත් ‌ඓතිහාසික මංසලකුණක් සනිටුහන් කරමින් ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 12,000 සීමාව අද (24) දිනයේ දී ඉක්මවා යන ලදී.

ලබන වසරේ රට තුළ කිසිදු ආහාර හිඟයක් ඇති නොවන බවට තමා සහිතක වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ld add copy

Connet With Us