සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී තමන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින්න ! Featured

Published in පුවත්
Monday, 19 February 2024 15:28

සිය සැමියාගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට කිසිවකු විසින් අවසරයකින් තොරවඇතුළු වී එම ගිණුම් යළි ලබාදීමට රුපියල් ලක්ෂයක මුදලක් කප්පම් ලෙස අවශ්‍ය බවට නාඳුනන පුද්ගලයකුගෙන් පණිවුඩ ලැබුණු බවට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ලැබී තිබිණ.

මෙම පැමිණිල්ල මීට මසකට පමණ පෙර දමා ඇති අතර ඒ සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන ඒකකය ඊට අදාළ විමර්ශන ඇරඹා ඇත.

එහිදි අනාවරණය වූ කරුණු මත කඩවත, වෑබඩ පදිංචිකරුවකු සහ ඔහුගේ ගෝලයකු සැකපිට එම කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියකු බවද අනාවරණය වී ඇත. 

 පැමිණිලිකාරියගේ සැමියාගේ විද්‍යුත් තැපැල් ගිණුමට රහසිගතව ඇතුළු වීමට උත්සාහ කල අවස්ථාවේ දී ලැබෙන ආරක්ෂිත පණිවුඩය ලද සැනින් මේ බව දැනගත්තත් හෙතෙම සිය බැංකු ගිණුමේ වූ මුදල් වෙනත් ගිණුමකට බැර කර තිබේ.

පසුව සැකකරු පැමිණිලිකාරියගේ සැමියාගේ විද්‍යුත් තැපැල් ගිණුමට ඇතුළු වී අනතුරුව බැංකු ගිණුමටද ඇතුළු වී තිබිණි. 

එහෙත් සැකකරුට පෙර ගිණුම්හිමියා ඉක්මන් වූ බැවින් ඔහුගේ ගිණුමෙන් වංචනිකව ලබාගැනීමට හැකිව ඇත්තේ රුපියල් 550ක් පමණි. 

මෙම ගිණුම්හිමියාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යයෙන් ලබාගෙන ඔහුගේම තොරතුරු ඇතුළත් කර ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් සාදා ඇති සැකකරු එය පෙන්වා සිම්පතක් මිලදී ගෙන එමගින් මෙම WhatsApp ගිණුමට සැකකරු ඇතුළු වී තිබේ. 

එහෙත් ගිණුම්හිමියා අදාළ දුරකථන සමාගමට ගොස් තමන්ගේ නමින් තිබූ WhatsApp ගිණුම යථා තත්ත්වයට පත්කරගත්ත ද යළිත් වරක් මෙම සැකකරු විසින් එම WhatsApp ගිණුම තමා සන්තකයට ගෙන තිබේ. 

කප්පම් මුදල් ඉල්ලා සැකකරු විසින් ගිණුම්හිමියාගේ බිරිඳට පණිවුඩ එවා ඇත්තේ ද ඒ අංකය මගිනි.

පොලීසිය පවසන්නේ මෙම සැකකරුවන් රුපියල් පන්දහසක් වැනි මුදලකට ව්‍යාජ ලියකියවිලි සකස් කිරීම කාලයක සිටම කර ඇති බවයි. 

ඉන් නොනැවතුණු ඔවුන් සමාජ මාධ්‍යයෙහි ඇති ඡායාරූප හා පෞද්ගලික තොරතුරු යොදාගෙන බැංකු ගිණුම්වලට ඇතුළු වී මුදල් ජාවාරම් කර ඇති බවද අනාවරණය වී තිබේ. 

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුගේ දෙමහල් නිවෙසෙහි මෙම ව්‍යාපාරය පවත්වාගෙන ගොස් තිබිණි. 

පෞද්ගලික රැකියාවක නිරතව සිට ඇති එම සැකකරු පසුව අනතුරක් හේතුවෙන් ඉන් ඉවත්ව ඇතැයි පොලීසිය පැවසීය. 

සිය ආදායම් මාර්ගය අහිමිවීම හේතුවෙන් ඔහු මෙම නීතිවිරෝධී ව්‍යාපාරය ආරම්භ කර ඇති බවත් 27 හැවිරිදි තවත් පුද්ගලයකු ද ඔහුගේ සහායට සිට ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

සැකකරුගේ නිවෙසේ තිබී ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳුනුම්පත් 28ක්, රියැදුරු බලපත්‍ර 32ක්, විවිධ පුද්ගලයන්ගේ ඡායාරූප 100ක් පමණ, අධ්‍යාපන සහතික, වැලි ප්‍රවාහන බලපත්‍ර, රබර් මුද්‍රා, රියැදුරු බලපත්‍ර ආකෘති පත්‍ර 2ක්, ජාතික හැඳුනුම්පත් සකස් කිරීමේ ආකෘති 16ක්, තාවකාලික රියැදුරු බලපත්‍ර 2ක්, වාහන ලියාපදිංචි කිරීමේ සහතික පිටපත් 7ක්, වාහන ආදායම් බලපත්‍ර 8ක්, ඒටීඑම් කාඩ්පත් 8ක්, ඒටීඑම් කාඩ්පත්වල රහස්‍ය අංක, සිම්පත් 1ක්,බැංකු පොත් සහ ව්‍යාජ ලිපිලේඛන සෑදීමට යොදාගත් පරිගණකයක් ද පොලීසිය භාරයට ගෙන ඇත. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහිවූවන් වන අතර මෙම ජාවාරමෙන් උපයාගන්නා මුදලින් ඔවුන් අයිස් මත්ද්‍රව්‍ය මිලදීගෙන ඇතැයි විමර්ශන නිලධාරීහු සඳහන් කළහ. 

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි චන්දිමා අරුමපෙරුම පැවසුවේ සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී තමන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කිරීමෙන් වළකින ලෙසයි. 

Last modified on Monday, 19 February 2024 17:00

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us