අපේ රටේ දරුවන් මිලියන තුනකට ඍජුව හෝ වක්‍රව ආර්ථික අර්බුදය බලපා තිබෙනවා. -  මහාචාර්ය මහීස්

Published in පුවත්
Monday, 19 February 2024 15:23

පවතින ආර්ථික අර්බුදය හමුවේ පවුල තුළ තිබෙන මූලික සබඳතා අඩු වී සමාජය කඩා වැටීමකට ලක්ව ඇතිබව කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය එම්.ටී.එම්. මහීස්  ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා වත්මන් සමාජ ආර්ථික අර්බුදය : සමාජ විද්‍යාත්මක පර්යායන් යන මැයෙන් පැවති සංවාදාත්මක සාකච්ඡාවට එක් වෙමිනි.

පවුල, කාන්තාව සහ අධ්‍යාපනය යන්න ආර්ථික අර්බුදයට කෙසේ බලපෑම් කර තිබේද යන්න වැඩිදුරටත් සාකච්ඡාව තුළදී සිදු කෙරිණු අතර මහාචාර්ය එම්.ටී.එම්. මහීස්  පවුල පිළිබඳ මෙසේ අදහස් දැක් වූයේය.

“අපේ රටේ දරුවන් මිලියන තුනකට ඍජුව හෝ වක්‍රව ආර්ථික අර්බුදය බලපා තිබේ. යුනිසෙෆ් දත්තවලට අනුව අපේ රටේ 45%ක්ම මාසික ආදායමෙන් 75%ක්ම ආහාර සඳහාම වියදම් කරනවා. මහ බැංකු වාර්තාවලින් දැක්වෙනවා, එක් පුද්ගලයකුට මාසෙකට ජීවත් වෙන්න අවම වශයෙන් රු. 18,000ක් ද පුද්ගලයන් හතර දෙනකු ජීවත් වන පවුලකට රු. 65,000ක් ඉක්මවා ගිය මුදලක් අවශ්‍ය බවත් දක්වා තිබේ. පවතින ආර්ථිකයත් එක්ක දරුවන්ගේ පෝෂණය අඩු වෙලා. පවුල තුළ ඇති සබඳතා අඩු කර ගන්න වෙලා. 20%ක්ම ආතතියෙන් පෙළෙනවා. මූලික සබඳතා අඩුවීමෙන් සමාජය අද වෙනකොට කඩා වැටීමකට ලක්වී ඇති බවය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us