ඊශ්‍රායලයේ රැකියා සදහා පිටත්ව යන තවත් පිරිසකට ගුවන් ටිකට්පත් නිකුත් කරයි

Published in පුවත්
Monday, 19 February 2024 17:26

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 95 දෙනෙක් සදහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතින් ගුවන් ටිකට්පත් ලබාදුන් අතර, මේ වන විට කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව ගිය ශ්‍රමිකයින්ගේ සංඛ්‍යාව 602 දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතරව සාත්තු සේවක රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් 54 දෙනෙක් සදහාද ගුවන් ටිකට්පත් ලබාදෙනු ලැබීය. ඊට කාන්තාවන් 49 දෙනෙක් සහ පිරිමි සාත්තු සේවකයින් 5 දෙනෙක් ඇතුළත් වේ. මෙම පිරිස ලබන 21 හා 22 යන දින දෙකේදී ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතය.

ද්වි පාර්ශවික ගිවිසුමක් අනුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යවනු ලබන අතර මේ වන විට සාත්තු සේවක අංශයේ රැකියා සදහා ශ්‍රමිකයින් 1070ක් පිටත් කර යවා ඇත.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පන්සියයක් සදහා වන ගිවිසුම් අත්සන් කර ඇති නමුත් එම සංඛ්‍යාව ඉක්මවා යන ශ්‍රමිකයින් පිරිසක් පිටත් කර යැවීමට හැකියාව ලැබී ඇති බව ඇමැතිවරයා මෙහිදී පැවසුවේය.

මේ අතර ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා වන සේවා ගිවිසුම් ලබාගැනීම වේගවත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊශ්‍රායලයේ කෘෂිකර්මාන්ත අමාත්‍යවරයා හමුවීමට තමන් බලාපොරොත්තු වන බවද මනුෂ නානායක්කාර අමාත්‍යවරයා මෙහිදී සදහන් කළේය.

ඊශ්‍රායලයේ කෘෂි අංශයේ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයින් සදහා වන පුහුණු වැඩසටහන්ද මේ වන විට ආරම්භ කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

M1MANUSHA 4MANUSHA 5MANUSHA 6MANUSHA 7MANUSHA 8

-P.M

Last modified on Monday, 19 February 2024 20:11

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us