කොටකෙතන දාම ඝාතකයාට මරණ දඩුවම !

Published in පුවත්
Monday, 19 February 2024 20:31

ලංකාවම භීතියට පත් කරමින් රත්නපුර කොටකෙතන ප්‍රදේශයේ සිදු වූ කාන්තා ද්විත්ව ඝාතන රැල්ලේ මවක සහ දියණියක අපයෝජනය කර මරා දැමීමේ චෝදනාවන්ට වරදකරු වූ ‘දාම ඝාතකයාට’ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මරණ දඬුවම අද (19දා) නියම කළාය.

අධිකරණයේ දැල්වෙමින් තිබූ විදුලි බුබුලු නිවා දමා ක්‍රියාත්මක වෙමින් තිබු විදුලි පංකා අක්‍රීය කර විත්තිකරුට මරණීය දඬුවම පැනවූ විනිසුරුවරිය ජනාධිපතිවරයා නියම කරන දිනයක සහ වේලාවකදී වැලිකඩ බන්ධනාගාරය තුළදී විත්තිකරුගේ ප්රාවණය නිරුද්ධ වන තුරු ඔහු බෙල්ලෙන් එල්ලා තැබීමට නියම කළාය.

දාම ඝාතක අපරාධකරු මෙම විත්තිකරුම බව ඩී.එන්.ඒ. තාක්ෂණය යොදා ගනිමින් නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්යර සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කරමින් ඔහුට මරණ නියම කළ විනිසුරුවරිය විත්තිකරුට මරණීය දඬුවම පමුනුවමින් තීන්දුවට අත්සන් කළ පෑනද කඩා දැමුවාය.
පිටු 147කින් යුතු තීන්දුව පුරා පැය දෙකට ආසන්න කාලයක් අධිකරණයේ ප්රාකාශයට පත් කිරීමෙන් අනතුරුව විනිසුරුවරිය විත්තිකරුට දඬුවම් පැමිණ වූ අතර අධිකරණ භාෂා පරිවර්තිකාව ලෙස කටයුතු කළ මංජුලා උදයංගනී මැදවත්ත මෙණවිය අධිකරණයේ කටයුතු වලට සහාය දැක්වූවාය.

අධිකරණ ඉතිහාසයේ පළමු ‘දාම ඝාතන’ සිද්ධිය රත්නපුර කොටකෙතන ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් කාන්තා ද්විත්ව ඝාතන රැල්ලක් වශයෙන් ක්රිියාත්මක වූ අතර කාන්තා ද්විත්ව ඝාතනයක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස මරණ දඬුවම නියම වූයේ රත්නපුර කොටකෙතන ප්ර දේශයේ පදිංචි මරණකාරියන්ගේ අසල්වැසියකු වූ අකුරුගොඩ ජයලත්ගේ නීල් ලක්ෂ මන් (අවු.42) නමැති සිව්දරු පියකුටය.

2019 ජූලි මස 19 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රත්නපුර කොටකෙතන ප්‍රදේශයේදී ලියනාරච්චිගේ ප්‍රේමවතී (අවු.63) සහ හේවාගේ පුෂ්පාකුමාරී (අවු.32) නමැති මව සහ දියණිය ඝාතනය කිරීම, හේවාගේ පුෂ්පාකුමාරි නමැත්තිය අපයෝජනය කිරීම යන චෝදනා මත විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණ.මරණකාරියගේ ශරීරය තුළ විත්තිකරුගේ පුරුෂ ධාතු තිබුණත් විත්තිකරු මරණකාරිය සමග කැමැත්තෙන් එක් වුණේ ද බලහත්කාරයෙන් එක්වුණේද යන්න පිළිබඳ සාක්කි නොමැති බව සඳහන් කළ විනිසුරුවරිය පුෂ්පා කුමාරි නමැත්තිය අපයෝජනය කළ බවට විත්තිකරුට එරෙහිව නගා තිබූ චෝදනාවෙන් ඔහු නිදොස් කොට නිදහස් කළාය.

මෙය සුවිශේෂ අපරාධයක් බව තීරණය කරමින් මහේස්ත්රාදත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයක් පැවැත්වීමකින් තොරවම විත්තිකරුට එරෙහිවෙ රත්නපුර මහාධිකරණය හමුවේ කෙළින්ම අධිචෝදනා මත නඩු පවරන ලද අතර පූර්වගාමී විනිසුරුවරුන් තිදෙනෙකු ඉදිරියේ දීර්ඝ කාලයක් පුරා මෙම නඩුව විභාග කෙරිණ. මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේදී නඩු විභාගය අවසන් කෙරිණ.2012 වසරේ සිදුවූ මෙම අපරාධය සම්බන්ධයෙන් විත්තිකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන් වසර තුනකට පසු 2015 වසරේදීය. එලෙස අත්අඩංගුවට ගනු ලැබූ 2015 වසරේ සිට දඬුවම නියම කළ ඊයේ දිනය දක්වාම විත්තිකරු රිමාන්ඩ් භාරයේ පසුවිය.

පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 19 දෙනෙකු සාක්කි දුන් අතර විත්ති පාර්ශ්වය වෙනුවෙන් විත්තිකාර නීල් ලක්ෂ්වමන් නමැත්තා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ඔහු වෙනුවෙන් ඔහුගේ මව, බිරිඳ සහ අසල්වැසියකු සාක්කියට කැඳවන ලදි.

මෙම අපරාධයට අදළව මීට පෙර අවස්ථාවක විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබු අතර, ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා අපරධ ස්ථානයේ තීබී සොයාගත් ඩී.එන්.ඒ. සමඟ විත්තිකරුවන්ගේ ඩී.එන්.ඒ. නොසැසඳෙන බවට කරුණු මතු කිරීම හේතුවෙන් නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන් තිදෙනාම සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කරන ලදි.

විත්තිකරු සිය නිර්දෝෂීභාවය සඳහා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් දෙමින් මෙම නඩුවට පාදක අපරාධය වූ දින තමා නිවසේ සිටි බවත්, අසල්වැසියකු වන විජිතානන්ද නමැත්තා පැමිණ මේ පිළිබඳ තමාට කී බවත්, අම්මාගේ කරාබු දෙක මුදල් නැති නිසා උකස් තැබූ බවත් පැවසුවේය.

විත්තිකරු වෙනුවෙන් බිරිඳ සිද්ධියෙන් වසර 11ක කාලයකට පසු සාක්කි දෙමින් සිද්ධිය වූ දින දවල් 2.00ට පමණ රැකියාවට ගොස් පැමිණි තම සැමියා වැසිකිළියට යෑමටවත් ගෙරින් එළියට නොගිය බව පවසා ඇතත් එදින ඔහු ඇඳ සිටි ඇඳුම් පිළිබඳ පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්යි සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය විමසීමේදී ඒ ගැන තමාට මතකයක් නැති බව පවසා තිබිණ.

දෙපාර්ශ්වයෙන්ම දීර්ඝ වශයෙන් ඉදිරිපත් වූ කරුණු විශ්ලේෂණය කළ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය මෙම සාක්කි අනුව විත්තිකරුගේ විත්ති වාචක පිළිගැනීමේ හැකියාවක් නැතැයි තීන්දු කළ අතර විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කළාය.

මිනීමැරම් චෝදනාවකට වරදකරු වූ පුද්ගලයකුට දිය යුත්තේ මරණ දඬුවම වුවත් මරණ දඬුවම නියම නොකිරීමට හේතු ඇත්නම් ඉදිරිපත් කරන්නැයි විත්තිකරුට දැනුම් දෙනු ලැබීය.ඒ අවස්ථාවේදී විත්තිකූඩුවේ සිට අධිකරණය ඇමතූ විත්තිකරු 'මං මේ අපරාධය කළේ නැහැ. මං නිර්දෝෂීයි' යනුවෙන් පැවසීය.

විත්තිකරු වෙනුවෙන් පෙනී සිටීම සඳහා රජයෙන් පත් කරන ලද නීතිඥ කෝන්පිටිය මහතා මනා කැපවීමකින් හා නිසි වගකීමකින් යුක්තව ඉතා විශිෂ්ට ලෙස කටයුතු කර ඇතැයි පෙන්වා දුන් මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය නීතිඥ කෝන්පිටිය මහතාගේ කැපවීම අනෙකුත් නීතිඥවරුන්ටද විශාල ආදර්ශයක් බව පෙන්වා දෙමින් ඔහු අගය කළාය.පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ජේෂ්ඨ රජයේ නීතිඥ සුපුන් රණසිංහ මහතා සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මහත්මිය පෙනී සිටියාය.

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us