කාදිනල්තුමා පවරගත්තා යැයි චෝදනා එල්ල වූ ධීවර වරාය පාලනයට නව අධිකාරියක්   Featured

Published in පුවත්
Monday, 19 February 2024 21:07

කාදිනල් රංජිත් හිමිපාණන් මීගමුව පිටිපන ධීවර වරාය බලහත්කාරයෙන් පවරාගෙන ඇති බව ධීවරයින් පිරිසක් අද අගරදගුරු මන්දිරය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවක් සම්බන්ධයෙන් ඇතිව තිබු නොසන්සුන් තාවය මත මෙම ධීවර වරාය, ප්‍රදේශයේ ධීවර ජනතාවට එයින් උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි යම් අධිකාරියකට පවරා දෙන බව කොළඹ අගරදගුරු පදවිය අද සහතික විය.

“කාදිනල්තුමාට කිසිම අවස්ථාවක දේපළ තම අරමුණු සඳහා භාවිතා කිරීමට කිසිදු අදහසක් නොතිබුණි,” කාදිනල්ගේ ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

“අගරදගුරුතුමා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ගත් තීරණය පිටුපස අරමුණ වූයේ ධීවර වරායේ පරිපාලනය සම්බන්ධයෙන් විනිවිදභාවය සහතික කිරීමයි. අතළොස්සක් ජනතාවක් එයින් ප්‍රයෝජන ලබනවා දකින්න අපට අවශ්‍ය නැහැ.” ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම ආරවුල සඳහා නෛතික පසුබිම 2023 පෙබරවාරි 2 දින අධිකරණ තීන්දුවක් දක්වා දිවෙන අතර, එමඟින් වරායේ කළමනාකාරිත්වය නම් කරන ලද අධිකාරියකට පැවරීම අනිවාර්ය විය. 1963 දී දිවංගත තෝමස් කුරේ කාදිනල්තුමා විසින් එක්සත් ධීවර සංගමයට වරාය පරිත්‍යාග කිරීමේදී පැනවූ කොන්දේසි කඩ කළ බවට එල්ල වූ චෝදනාවලින් පසුව මෙම පියවර ගෙන ඇත. ධීවර ප්‍රජාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතාවලට ගරු කරන යෝජනාවක් ඉලක්ක කර ගනිමින් ප්‍රාදේශීය සභා නියෝජිතයින් සමඟ සාකච්ඡා කර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සහ අධිකාරියක් පත් කිරීමට තීරණය කළ බව පල්ලිය අවධාරනය කරයි.

ප්‍රනාන්දු පියතුමාට අනුව මාන්කුලිය, තලාහේන සහ බසියවත්ත යන දේවස්ථානවල නියෝජිතයන්ගෙන් අදහස් විමසා මේ වන විටත් අගරදගුරුතුමා අධිකාරියක් පත් කර තිබෙන බවත් වාර්ථා වෙයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us